Sri Lanka
බස්රථ අනතුරකින් 73 දෙනෙකු මියයයි
2025-08-20 11:20 AM
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

කාබුල් බලා යමින් සිටි බස් රථය ඊයේ (19) රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව සඳහන්ය.

බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් ඇත.

හේරාත් පොලීසිය පවසන ලද්දේ බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල හේතුවෙන් අනතුර සිදු වූ බවය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට