Sri Lanka
මාරවිල - මූදුකටුව ප්‍රදේශයේ ඇති ළමා උද්‍යානය තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කපලා
84 | 2025-08-19 09:23 AM
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන මාරවිල -මූදුකටුව ප්‍රදේශයේ ඇති ළමා උද්‍යානය තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගස් බොහෝමක් කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.කපා දමා ඇති ගස් අතර දුර්ලභ මෙන්ම වටිනා ශාඛ වර්ගද වන බව ඔවුන් සදහන් කරයි.

මූදුකටුව ප්‍රදේශයේ කට්ටි කර අලවි කර ඇති ඉඩමකින් පොදු කටයුතු සදහා වෙන් කරන ලද භූමිය තුළ මෙම ළමා උද්‍යානය ස්ථානය කර ඇත. නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභා අරමුදල් තුළින් රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය කර ස්ථාපනය කර ඇති මෙම ළමා උද්‍යානය 2013 ඔක්තොම්බර් මස 11 වැනිදා දරුවන්ට පවරා ඇත.එදින සිට සෑම දිනකම මෙන්ම විශේෂයෙන්ම සති අන්තයේදී කුඩා දරුවන්ගෙන් මෙම ළමා උද්‍යානය පිරී යන්නේය.

වැසිකිලි - කැසිකිලි ඇතුළු සියළුම පහසුකම් වලින් සමන්තිව මෙම ළමා උද්‍යානය ප්‍රදේශයේ දරුවන්ට සම්පතක් වී තිබුණි.

ළමා උද්‍යානය තුළ දරුවන්ට විවිධ ක්‍රීඩා කරන්නට අවශ්‍ය උපකරණ මෙන්ම සතුටු වීම සදහා පුංචි කෝචිචියක්ද තිබෙන බවක් දක්නට ඇත.එම පුංචි කෝච්චියේ ඇන්ජිම අළුත් වැඩියා කටයුත්තක් සදහා යැයි පවසා මීට වසරකට පමණ පෙර ගලවා ගෙන ගොස් ඇති නමුත් මෙතක් ගෙනවිත් සවි කර නොමැති බවද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ළමා උද්‍යානය ආරම්භ කළ දිනයේ සිහිවටනයක් ලෙස රෝපණය කර ඇත.ඊට සමගාමීව රෝපණය කර ඇති සෙසු ගස් උද්‍යානයට ලබා දී තිබුනේ සිසිළසක් මෙන්ම පෞඩත්වයකි.ආඩම්බරයකි.නමුත් ඒ සියල්ල කිසියම් හේතුවක් නිසා මේ වන විට ප්‍රදේශයට අහිමි වී ඇත.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඩබ්ලිව්.නිශාන්ත (ශ්‍රී.පො.ජ.පෙ) මෙසේ පැවසීය.

මෙම ස්ථානයේ ළමා උද්‍යානයක් ඇති කළේ අරමුණු කීපයක් මුල් කරගෙන.මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බොහෝ දෙනෙක් රැකියාවන් සදහා විදේශ ගත වෙලා ඉන්නේ.ඔවුන්ගේ දරුවන් මෙරට ඉන්නේ වෙනත්බාරකරුවන් සමග.ඒ දරුවන්ට තනිකම නැති කරන හොදම තැනක් තමයි මේ ළමා උද්‍යානය.මෙතනට විශේෂයෙන්ම සති අන්තයේ දරුවන් විශාල දෙනෙක් ඇවිත් විනෝද වෙන ආකාරයක් දක්කට පුළුවන්.එසේ පැමිනෙන දරුවන්ට සෙවන දුන් ගස් තමයි මේ කපලා තියෙන්නේ.

සොයා බැළු විට දැන ගන්න ලැබුනේ මෙම ගස් ඉවත් කිරීම සදහාකිසිදු සභා අනුමැතියක් අරගෙන නොමැති බව.කාගේ හරි අවශ්‍යතාවයක් මත තමයි ගස් ටික කපලා තියෙන්නේ.ගස් කැපුව සිද්ධිය අපි ප්‍රශ්ණ කලාට පස්සේ තමයි අනුමැතිය අරගෙනතියෙන්නේ.මේක මහා අපරාධයක්.ප්‍රදේශයේ ජනතාව ප්‍රාදේශීය සභාවට බලය දීලා තියෙන්නේ මේ ආකාරයට පරිසරයට හානි කරන්න නෙමෙයි.පරිසරය ආරක්ෂා කරන්න.නමුත් අවාසනාවකට වෙන්නේ අපිත් පැත්ත

මූදුකටුව පදිංචිකරුවෙකු වන තුෂාර හේරත් මහතා මෙසේ පැවසීය. මම පදිංචි වෙලා ඉන්නේ මේ ආසන්නයේමයි.ළමා උද්‍යානයේ තිබුණු ගස් කපා දැමීමට හේතුව විමසලා මම තොරතුරු දැන ගැනීම පනත ප්‍රකාරව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට අයදුම්පතක් යොමු කලා.නමුත් තවමත් පිළිතුරක් ලැබුනේ නෑ.

මේ කපලා දාලා තියන ගස් අතර,ගම් මාළු, ගංසූරිය වගේ දුර්ලභ ගස් කීපයක්ම තියනවා.ඇතැම් ගස් එක් කෙනෙකුට බදලා අල්ලන්න බැරි තරම් මහතයි. දැන ගන්න තියෙන්නේ ළමා උද්‍යානයේ තියන දුම්රිය මාර්ගයට හානි වන නිසා ගස් කැපුවා කියලා.අපි දන්නා තරමින් නම් ළමා උද්‍යානයේ තියන දුම්රියේ ඇන්ජිම ක්‍රියා විරහිත වෙලා අවුරුදු කීපයකට පෙර අළුත් වැඩියා කරන්න කියලා අරගෙන ගියාට තවම ගෙනවිත් නෑ.දුම්රිය මාර්ගයට හානි වෙනවා නම් එකට විකල්පයක් කරනවා මිස ගස් ටික කපලා දාන්න ඕනද කියන එකයි මම අහන්නේ.

ජනාධිපති තුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වහාමපරීක්ෂණයක් කරන්න කියලා.අපි ඔබ තුමාලාට රට බාර දුන්නේ හදන්න මිසක් මේ වාගේ විනාශයන් කරන්න නෙමෙයි.කව්රු කළත් මේක වරදක්.ඒ වරද කරපු අයට වහාම දඩුවම් දෙන්න කියන එකයි මම ඉල්ලා සිටින්නේ.

අප මේ සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර කුමාර විජේසේකර මහතාගෙන් විමසා සිටියෙමු.ඔහු මෙසේ පැවසීය. ගස් කපා දැමීම කරලා තියෙන්නේ මහජන පැමිණිළි කීපයක් මුල් කරගෙන.ගස් කැපීම සදහා සභාවේ පූර්ව අනුමැතියක්ලබා ගෙන තිබුනේ නැති බව ඇත්ත.නමුත් මේ වන විට ඒ සදහා අවශ්‍ය අනුමැතිය සියළුම සභිකයින්විසින් ලබා දීලා තියනවා. හෙට අනිද්දා වෙන කොට දැව සංස්ථාව ඇවිත් ඔය කොට ටික පටවා ගෙන යයි. එතකොට ගැටළුව අවසන් වෙනවා.

අපිට ළමා උද්‍යාන 02 ක් තියනවා.ඔය කියන මූදුකටුව ළමා උද්‍යානය නිසි පරිදි ක්‍රියාත්මක වෙලා තිබුනේ නෑ.ඒ නිසා තමයි ඔය පුංචි කෝච්චියේ ගැටළුවක්තියෙන්නේ.අපි සුදානම් වෙන්නේ අකර්මන්‍ය වෙලා තිබුණු කටයුතු නැවත සක්‍රීය කරන එකයි.

කොහොම වුවත් මගේ පාලන කාලය තුළ වැරදි වැඩක් වෙන්න ඉඩ නොතබන බව පමණක් කියන්න කැමතියි. කව්රුන් කුමන ආකාරයට පැවසුවත් සිදු කර ඇත්තේ දැවැන්ත අපරාධයක් බව සත්‍යයකි.මන්ද තම උපන් දිනය දිනයේදී ගසක් සිටුවා පරිසරය රැක ගන්න යැයි පවසන කාල වකවානුවක ළමා උද්‍යානයක තිබූ ගස් කපා දැමීම නම් ජාතික අපරාධයක් නොවන්නේ
කෙසේද යන්න පමණක් ගැටළුවකි.

ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර