Sri Lanka
හෙම්මාතගම පිරිවෙනෙන් විශ්‍රාම ලැබු අපේ හාමුදුරුවෝ
2025-07-15 11:50 AM
පසුගිය ජුලි 04 වැනිදා ගරුතර නාරද හිමියන් විද්‍යාතනයෙන් විශ්‍රාම ලබා ගත්තා. උන් වහන්සේ වෙනුවෙන් තබන සටහන මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර. අපවත් වු නායක හාමුදුරුවෝ වාගේම දැහැමි දිවිපෙවතක් ගත කරමින් සෑම ආගමික කටයුත්තකදිම වාගේම දායක කාරක ආදින්ගේ දුකෙදි සැපෙදි සම්බන්ධ වෙන බොහෝ පොදු වැඩ වලදි මට හමුවුනු උන්වහන්සේ කුඩා කාලයේ සිටම දැක්ක නිහතමානී චරිතයක් කිවාට වරදක් නැහැ. උන්වහන්සේ පැවැදි වුනාට පස්සේ අධ්‍යාපන කටයුතු වලට පොල්අඹේගොඩ පිරිවෙනට පා ගමනින් වැඩියා කියලා මට උන්වහන්සේ කියනවා ඇහිලා තියෙනවා. හෙම්මාතගම සංඝ සභාව මගින් හෙම්මාතගම කපුරැක්ක විහාස්ථානයේ පිරිවෙනක් ආරම්භ කිරිමේ යෝජනාව හරි ගියාට පස්සේ එහි සිව් දෙනෙක් මුලින්ම ඉගෙන ගෙන ඒ සිව් දෙනාම විශ්ව විද්‍යාලයට සම්බන්ධ වුනාලු. එයින් කෙනෙක් තමයි නාරද හාමුදුරුවෝ. උන්වහන්සේ පසු කාලයේ පිරිවෙනෙහිම අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වේලා නායක හාමුදුරුවෝ හදිසියේම අපවත් වුනාට පස්සේ එහි පරිවේණාධිපති ලෙස පත්ව පිරිවෙන සහ විද්‍යාතනය දියුණු කරන්නට වසර 27 ක් තිස්සේ අපමණ වෙහෙසක් දැරුවා. උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබු ගිහි පැවැදි බොහෝ දෙනෙක් අද හොඳ තැන් වල ඉන්නවා. අද ජුලි 04 උන් වහන්සේ පිරිවෙනෙන් විද්‍යාතනයෙන් විශ්‍රාම ලැබුවා. මේ අවස්ථාව ගැන මම දැන ගත්තේ මේ සුළු මොහොතකට කලින් හිටපු ග්‍රාම නිලධාරී සෙනරත් මහතාගෙන්. කෙසේ වෙතත් අද දිනයේ විශ්‍රාම ගෙන යන අපේ නාරද හිමියන්ට සුභ සහ දිර්ඝායු විශ්‍රාම දිවියකට සුභ පතනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට