Sri Lanka
කරවිට වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදහන්
2025-08-18 01:19 PM
තෙප්පමක් පෙරළී යාමෙන් හලාවත - කරවිට වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදහන්වී ඇති බව හලාවත පොලීසිය කියයි.
17 වැනිදා සවස් කාලයේ මෙම අනතුර සිදුවී ඇත.
දියේ ගිලී අතුරුදහන් වී ඇත්තේ හලාවත - මුංගන්දළුව පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය සුරංග පෙරේරා :අවුත38* නම් අයෙකි.
දියේ ගිලී අතුරුදහන්වී ඇති අය මිතුරන් පිරිසක් සමග කරවිට වැව ආසන්නයේ මත්පැන් සාදයක් පවත්වා ඇතග සාදය රසවත් කර ගැනීමට ඔවුන් මසුන් ඇල්ලීම සදහා කරවිට වැවේ දැලක්ද ඇතුරා තිබී ඇත.
සාදය අතර තුර අතුරුදහන්වී ඇති අය වැවේ අතුරා ඇති දැලට පැටලී සිටින මාළු රැගෙන එන බව පවසා තෙප්පමක නැගී වැවට පිටත්ව ගොස් ඇතගකාලය ගත වී ගියත් මසුන් ගෙන ඒමට ගිය අය නොමැති වීම පිළිබදව සොයා බලන විට තෙප්ම වැවේ පාවෙමින් තිබෙන නමුත් මිතුරා අතුරුදහන්වී ඇති බවට සෙසු පිරිස වටහා ගෙන ඇත.
පසුව මේ බව අවට සිටින ධීවරයින්ට දැණුම් දී සොයා බැලීමක් කර ඇතගනමුත් අතුරුදහන්වූ අයව මෙතෙක් සොයා ගෙන නැත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි. ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට