Sri Lanka
නැන්දණිය සමග දිය නෑමට ගිය පාසල් දරුවෙකු වැවක ගිලී යයි
2025-08-17 01:47 PM
සිය නැන්දණිය සමග දිය නෑමට ගිය පාසල් දරුවෙකු වැවක ගිලී මිය ගොස් ඇති බව මදුරන්කුලිය පොලීසිය කියයිග ඉකුත් 15 වැනිදා මෙම අනතුර සිදුවී ඇත.
මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය - කරිකට්ටිය පදිංචිව සිටි ඉදුවර සුධම්මික අවු12 නම්වූ පාසල් සිසුවෙකිගමිය ගොස් ඇති සිසුවා පුත්තලම ආනන්ද ජාතික පාසලේ 05 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත ඔහු එම පාසලේ 13 පහල ක්‍රිකට්කණ්ඩායම සහ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත. මිය ගොස් ඇති දරුවා මදුරන්කුලිය - වේලාසිය ප්‍රදේශයේ තම ඥාති නිවසකට 15 වැනිදා දහවල් ගොස් ඇත එම නිවසේ සිටි නැන්දණිය සමග දරුවා දිය නෑම සදහා වීරපුර ගැමුණු වැවට ගොස් ඇතගඑම අවස්ථාවේදී වැවේ පඩි පෙළ ලිස්සා ගොස් දරුවා වැවට වැටී අනතුරට පත්ව ඇත දරුවා බේරා ගැනීම සදහා නැන්දණියද වැවට පැන ඇති නමුත් ඇය ද දියේ ගිලී අනතුරට පත්ව ඇත. අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දියේ ගිලී සිටි දරුවා සහ ඔහුගේ නැන්දණියව ගොඩට ගෙන කඩිනමින් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතගනමුත් දරුවා මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දරුවාගේ සිරුර අවසන් කටයුතු සිදු කිරීම සදහා මව්පියන්ට බාර දීමට කටයුතු කළ බව පොලීසිය කියයි. මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට