ශ්‍රි ලංකාව තුළ තියෙන රජයේ රෝහල්වල සියලු ම කණිෂ්ඨ කාරක මණ්ඩල වල ගැටලු වලට ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමනිතුමා, සෞඛ්‍ය ලේකම් තුමිය, ඇහුන්කන් නොදුන්නොත් ඉදිරියේදී කිසිම පැකිළිමකින් තොරව ශ්‍රි ලංකා ජන සුව එක්සත් සෞඛ්‍ය සේවා සංගමය විසින් ශ්‍රි ලංකාව තුළ තියෙන සියලු සෞඛ්‍යයේ සමිති එකතු කරගෙන අරගලයකින් මේ ඉල්ලීම් ජයග්‍රහණය කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා ජන සුව එක්සත් සෞඛ්‍ය සේවා පළවෙනි වාර්ෂික මහා සමුළුවේදී පවසයි.
මෙම වාර්ෂික සමුළුවේදි අදහස් දක්වමින් මේ බව පැවසුයේ එහි ලේකම් ඒ.ආර්.එල්.සී. අලුත්වත්ත මහතා විසින්ය. මෙම වාර්ෂික සමුළුව වෙනුවෙන් දිවයිනේ නම් දෙසින් රෝහල් කණිෂ්ඨ කාරක මණ්ඩල සේවකයන් පැමිණ සිටි අතර උත්සවය ඊයේ 16 පවත්වන ලද්දේ මාවනැල්ල නගරයේ පෞද්ගලික උත්සව ( Mawanella Recreation
Club ) ශාලාවකදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමන් මෙසේද පැවසීය.
දිර්ඝ කාලයක් සාකච්චාවට පමණක් සීමා වේලා තියෙනවා කණිෂ්ඨ කාරක මණ්ඩලයේ ගැටලු, ගරු ජනාධිපතිතුමනී සෞඛ්‍ය ඇමතිතුමනිතුමනි ලේකම් තුමියනි කණිෂ්ඨ කාරක මණ්ඩලයේ දින පහේ සතිය ලබා දීමට ඔබතුමන්ලා ඉදිරියේදී කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේ ම තමයි පොරොන්දුවට පමණක් සීමාවේලා තියෙනවා කණිෂ්ඨ කාර මණ්ඩලයේ අත්තිකාරම මේක “ රේට්” ක්‍රමයට ලබා දෙන්න කියලා අපි නොයෙක් අවස්ථාවල අරගල කරා. අපේ සේවකයන් ලිෆ්ටන් වට රවුමේ ගිහිල්ලා ඉවර වේලා නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දීලා ඉවර වෙලා ජල ප්‍රහාර කාලා ඉවර වෙලා කඳුළු ගැස් කලා අරගල කරලා ඉවර වේලා අපි ඉල්ලීම් කලා අපේ කණිෂ්ඨ කාර මණ්ඩලයේ අතිකාල ප්‍රශ්නය අපිට විසඳලා දෙන්න. රේට් ක්‍රමයට මේක ලබා දෙන්න කියලා.
ජනාධිපතිතුමාගේ වැටුප් වැඩිවීමත් එක්ක රුපියල් 180 ක් හා සමාන ගාණක් ගෙවන්නේ. අපිට පසුගිය දිනවල ගෙවලා තිබුණේ රුපියල් 90 ක් 100 ක් වගේ බොහෝම සෝච්චම් මුදලක් අපිට දැන් ගෙව්වත් දිනකට කරන්නේ පැය හතරයි. රුපියල් 200 ක් ගෙවුවත් අපිට ලැබෙන්නේ පැයකට රුපියල් 200 යි. දවසකට පැය 4 යි. රුපියල් 800 යි. රුපියල් 800 යි කියන්නේ ඇත්තටම කියනවා නම් ආදරණිය මේ සහෝදරයන්ට පවුලක් ජිවත් කරවන්න බැහැ. රුපියල් 800ක් කියන්නේ කුකුල් මස් කිලෝවක් ගන්න බෑ අපේ ආදරණීය සහෝදරයන්ට. අපි ජනාධිපතිතුමාට පැහැදිලි කරනවා.
සෞඛ්‍ය ඇමතිතුමාට මතක් කරනවා ශ්‍රි ලංකා එක්සත් ජන සේවා සෞඛ්‍ය සේවා සංගමයේ අපි ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමනි මැදිහත් වෙන්න සෞඛ්‍ය සේවා කණිෂ්ඨ කාරක මණ්ඩලයේ මෙම ගැටලුව විසඳලා දෙන්න. අපිට අතීකාල දීමනාව රේට් ක්‍රමය ලබා දෙන්න. ඒ වගේම තමයි සේවක හිඟයට විසඳුම් ලබා දෙන්න. ඒවගේ ම තමයි සේවකයන්ට පිඩාවක් ගෙන දෙන ස්ථාන මාරු කරන ප්‍රතිපත්ති ක්‍රමය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. කණිෂ්ඨ කාර මණ්ඩලයේ බොහෝම යල් පැන ගිය සේවක ප්‍රශ්නයක් තියෙනවා. අපි සේවකයන්නේ ගැටළු විසඳන්න. මාවනැල්ල රෝහලට අපි අපි ගමු උදාහරණයක් විදීයට මාවනැල්ල රෝහලට සේවකයෝ ඕන කියලා කතා කරොත් හැබැයි ඕන්න පැහැදිලිව අපේ කාර්ය මණ්ඩලය නෑ කියනවා. ඒක නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇතුළු රජයේ ප්‍රධාන නියෝජිත්‍යන්ගෙන් අපි ප්‍රධාන ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමනි මේකට මැදිහත් වෙන්න. අපගේ බොහෝමයක් රෝහල්වල කාර්ය යල් පැන ගිය එකක් තියෙන්නේ.
මේ යල් පැන ගිය ඒවාත් එක්ක ඔබතුමාලගේ රජයට දුවන්න බෑ. ඔබතුමාගේ බොහෝම දැක්මක් තියෙන රජයක් අපිට මේ වේලාවේ ලැබීලා තියෙනවා. රටේ පීඩිත පන්තිය වෙනුවෙන් ජනයාගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන රජයක් අපිට ලැබීලා තියෙනවා. එහෙමනම් ගරු ජනාධිපතිතුමනී සෞඛ්‍ය ඇමතිතුමනිතුමනි සෞඛ්‍ය ලේකම් තුමියනි අපගේ කාලයට ගැළපෙන විදීයට අපගේ රෝහල්වලට මේ කාරක යාවත්කාලීන කරලා දෙන්න. අතිකාල ක්‍රමයට දෙන්න විසදුමක්. මේක රේට් ක්‍රමයට අපිට ලබලා දෙන්න. සති පහේ සතියේ දින පහේ අපිට වැඩ ක්‍රමය ලබලා දෙන්න. එහෙමනම් ගරු අපි රජයෙන් ඉල්ලීම් කරන්නේ මේ අපේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දිලා ඉවරවේලා මේවට අපිට විසදුම් දෙන්න. හැබැයි ඔබතුමන්ලා මේවාට දිර්ඝ කාලීන ඉදලා පැවැති රජයෙන් අපිට මේවාට නියමිත විසඳුම් දීලා නෑ. අපි එකත් බොහෝම පැහැදිලිව නිහතමානීව මතක් කරනවා.
එහෙමනම් අපි පවතීන මේ රජයට බලකරලා කියා සිටීනවා සංගමයක් විදීයට අපේ මේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් නැත්තම් අපි ඉදිරියේදී කිසිම පැකිළිමකින් තොරව ශ්‍රි ලංකාව තුළ තියෙන සෞඛ්‍ය සියලු ම කණිෂ්ඨ කාරක මණ්ඩලයේ සියලුම සමිති එකතු කරගෙන අරගලයකට යාම අපි බොහෝම පැහැදිලිව සුදානම් කියන පණිවිඩය අපි ශ්‍රි ලංකා ජන සුව එක්සත් සෞඛ්‍ය සේවා පළවෙනි වාර්ෂික මහා සමුළුවේදී ඔබතුමන්ලාට මතක් කරනවා. අපිට මේවට විසඳුම් ලබා දෙන්නේ නැත්තම් ඉදිරියේදී අරගලයකින් උනත් මේ ඉල්ලීම් ජයක්ග්‍රහනය කර ගැනීමට කටයුතු කරන බව සිහිපත් කරනවා.