ලොව සුපතළ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගම විසින් ගයිකින්ඩෝ ඉන්දුනීසියා ජාත්‍යන්තර ඔටෝ ප්‍රදර්ශනයේදී නවතම BYD Atto 1 විදුලි මෝටර් රථය හඳුන්වා දුනි. ඩොලර් 12,000 ක් පමණ මිලකට වෙළදපොළට පැමණීමට නියමිත මෙය නවීන විශේෂාංග, Ai තාක්ෂණය හා උපරිම දුරක් ධාවනය කළ හැකි වීම යනාදී පහසුකම් සහිතව මෙම EV රථය ජනතාව අතරට පැමිණිමට නියමිතයි.
මෙම Atto 1 රථය Budget කාණ්ඩයට අයත් වන අතර නාගරිත රිය පැදවීම සඳහා වඩා කාර්යක්ෂම වෙනු ඇති බවද සදහන් වේ. අශ්වබල 75 ක පමණ ධාරිතාවකින් මෙ රථය බල ගැන්වෙනු ලැබේ. එහි උපරිම වේගය පැයට සැතපුම් 80 ක් වන අතර තත්පර පහකටත් අඩු කාලයකින් පැයට සැතපුම් 30 දක්වා වේගයක් ළගා කරගත හැකි වේ.
මෙහි standerd version රථය 30.08 ක බ්ලේඩ් බැටරියක් සමඟ එන අතර එක් ආරෝපණයකින් සැතපුම් 186 ( 300 km ) ක් දක්වා දුරක් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙයි. මීට වඩා දිගු දුර ධාවනය කල හැකි මාදිලියක්ද පැමිණේ. එම මාදිලියේ කිලෝවොට් පැය 38.88 ක බැටරියක් ඇති අතර සැතපුම් 236 ( 380 km ) ක පමණ දක්වා ධාවන පරාසයක් එයට තිබේ. එම මෝටර් රථය ඩොලර් 14,500 ක් පමණ වනු ඇත.
ඉතා සරල ආරෝපණයක් ඇති මෙම මාදිලි දෙකම කිලෝවොට් 6.6 දක්වා වේගයකින් AC ආරෝපණයට සහය දක්වයි. Fast Charging ද තිබේ.මුදලට වඩා වැඩි පහසුකම් ඇති එහි අඟල් 7 ඩිජිටල් මීටර පද්ධතියක්ද, සහ අඟල් 10.1 ක Touch Scren එකක්ද , Wireless Apple CarPlay, Android Auto, Bluetooth භාවිතයද සහ ස්වයංක්‍රීය LED හෙඩ් ලයිට් ද ලැබෙනු ඇත. Keyless entry, keyless start, and NFC digital key compatibility පහසුකමින් සපිරි මෙය වායු සමීකරණයෙන් සහ බිල්ට්-ඉන් ස්පීකර් හතරක් සහිතව පැමිණේ.
මිනිසුන්ට සැබවින්ම දැරිය හැකි සහ සෑම දිනකම භාවිතා කළ හැකි EV රථයක් වශයෙන් BYD Atto 1 රථය හඳුන්වා දිය හැකි අතර නුදුරේදීම ශ්‍රී ලංකාවේද මෙම රථය අලෙවිය අපේක්ෂා කළ හැක.