OT වැඩි කරලා දෙන්නේ කොහොමද සමහර ආයතන වලට ගිහින් බලපුවහම ඒ තැන් වල සේවකයන් හිටියාට ඒ අය වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් කියන්නම් මම ඊයේ ගියා එක තැනකට මිදුල අතුගාලා නැහැ. රෝහල වටේ වල් කපලා නැහැ. වොෂ් රූම් ගියාහම මකුළුදැල් කඩලා නැහැ. බාත්රූම් එකේ ගන්න දෙයක් නැහැ. මේ සියලුම අඩුපාඩු තියෙද්දි OT වැඩි කරලා ඉල්ලනවා. යැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී නිදර්ශනි මහත්මිය පැවසීය.
එතුමිය මේ බව පැවසුයේ ශ්‍රී ලංකා ජනසුව එක්සත් සෞඛ්‍ය සේවා සංගමයේ පළමු මහා සභා රැස්විම පැවැති මාවනැල්ල වේ පැවැති උත්සවයට සහභාගි වෙමින්ය. එය අද පෙවරුවේ පැවැත්විය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය මෙසේද පැවසීය.
තව ඉස්පිටිතාලයකට ගියාම එතනින් කියනවා ආයතන වැඩ ඩියුටි ලැයිස්තුවේ වහලය ක්ලීන් කරන්න ඒ අයට නැහැ කියලා. මුලින්ම දැන ගන්න ඔනෑ ඒ රාජකාරි ලැයිස්තුව ගැන. මේක මාගේ ඩියුටියක් කියලා කියන්න බැහැ ආයතන ප්‍රධානීයා රාජකාරි වැඩක් පැවරුවහම එක කරන්න අපි හැම කෙනාම මා ඇතුලු බැදි සිටින්න ඔනෑ. මේක මාගේ ඩියුටි ලිස්ට් එකේ නැහැ මේක මාගේ රාජකාරියක් නෙවෙයි කියලා කියන්න බැහැ. එක හැම කෙනාම දැන ගන්න ඔනෑ යැයිද පැවසීය.
එතුමිය ඒ බව පැවසුයේ සේවකයන් OT වැඩිකරලා ඉල්ලීම් කරනවා නමුත් පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදි වැඩිදුරටත් එතුමිය මෙසේද පැවසීය.
අපේ සේවකයන් OT වැඩිකරලා ඉල්ලනවා. අපිට දෙන්න බැරි දෙයක් නෙවෙයි. මට අනිවාර්යෙන්ම දෙන්න පුළුවන්. වැඩක් වෙනවා නම් ඇත්තටම එතන ප්‍රශ්නයනක් තියනවා නම් එක මට දෙන්න එපා කියලා කවුරුවත් කියන්නේ නැහැ OT දෙන්න එපා කියලා ආණ්ඩුවෙන් වුනත් කියන්නේ නැහැ. මට බලලා එක දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන්.
අපි අද මේ විදිහට ඉන්නේ අපි මේ වෘත්තිය කරන නිසා. ඒ වාගේම අපි දවසේ වැඩි වේලාවක් ඉන්නේ අපේ රාජකාරී බිමේ නම් අපි ඒ තැන අපේ තැනක් වාගේ හිතලා ලස්සන කරගෙන ඒ රාජකාරීය ඉහළින්ම කරන්න ඔනෑ. එතකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. වාගේම අපේ ඉල්ලීම් දිනා ගන්නත් අපහසු වෙන්නේ නැහැ.
කෙනෙකු ඇතුලු වෙනකොටම එතැන ලස්සන වෙන්න ඔනෑ අපිට ආදරයක් තියෙන්න ඔනෑ. මාගේ පළපුරුද්ද අනුව ආයතනයකට ගියාම මම දන්නවා මෙතන ඉන්නේ මොන වාගේ අයද කියලා. ඒ පරිසරයෙන්ම ඒ බව කියන්න පුළුවන් යැයිද එතුමිය පැවසීය.
මෙම අවස්ථාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නම් දෙසින් ශ්‍රී ලංකා ජනසුව එක්සත් සෞඛ්‍ය සේවා සංගමය නියෝජනය කරමින් පිරිසක් එක් විය.
මෙම සංගමයේ ලේකම් ඒ.ආර්.එල්.සී. අලුත්වත්ත මහතා දරණ අතර සභාපති බී.එච්.එස්. සුදර්ශන, භාණ්ඩාගාරික එස්.නාලනි ද සිල්වා යන අය නිලතල හොබවයි.