Sri Lanka
ට්‍රම්ප් - පුටින් සාකච්ඡා ඵලදායී හමුවක් වෙයි
55 | 2025-08-16 04:20 PM
යුක්රේනය සමග පවතින ගැටුම විසඳා ගැනීමට වැඩකිරීමට සූදානම් බවත්ල ට්‍රම්ප් සමග පවතින අවබෝධය යුක්රේනයේ සාමයට මග පාදනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.
ගැටුම විසඳීම සඳහා ඇතිවෙමින් තිබෙන ප්‍රගතියට බාධා නොකරන ලෙසයි පුටින් යුක්රේනයෙන් සහ යුරෝපයෙන් ඉල්ලා සිටින්නේ. ලෝකයේම අවධානය දිනාගනිමින් ඇලස්කාවේදී සිදුවූ ට්‍රම්ප් – පුටින් සාම සාකච්ඡාවෙන් පසුව පුටින් මේ බව කියා සිටියේ සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකාවෙන් පිටත්වීමට පෙරයි . ඒසේ වුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සාකච්ඡාවේ ප්‍රගතියක් ඇති නමුත් ගිවිසුම්ගතවනතුරු ගිවිසුමක් නොමැති බවයි. ,,මම නේටෝව කැඳවන්නම් සුදුසු යැයි මා සිතන විවිධ පුද්ගලයින් මම කැඳවන්නම් ඇත්ත වශයෙන්ම මම යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමතා අද රැස්වීම ගැන ඔහුට කියන්නම්ග එය අවසානයේ ඔවුන්ට භාරයිල, ට්‍රම්ප් ඇලස්කාවේ ඇන්කරේජ් හි පැවති සමුළුවෙන් පසුව පැවසුවා අපි අතිශයින්ම ඵලදායී රැස්වීමක් පැවැත්වූවා වගේම එහිදී බොහෝ කරුණුවලට එකඟ වුණාග ඉන් එකක් ඉතාම සුවිශේෂයිග මම මේකෙන් පස්සේ ඇමතුම් කිහිපයක් ගන්නවා අපි එකඟත්වයකට ආවේ නෑ තමයිල නමුත් එතනට යන්න යුක්රේනයට ඉතා හොද අවස්ථාවක් තියෙනවා, යනුවෙන් ද ට්‍රම්ප් අවධාරණය කළා. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සාකච්ඡාව පිළිබද කොළ එළි දල්වමින් පවසන්නේල දෙපාර්ශ්වය අතර ප්‍රයෝජනවත් මෙන්ම පරිපූර්ණ සාකච්ඡාවක් සිදුවූ බවයි. අපේ රටවල් සාගරයෙන් වෙන් වුවත් ඇත්ත වශයෙන්ම අපි සමීප අසල්වැසියන් නිසා මෙහි හමුවීම තරමක් තර්කානුකූලයිග රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සංවාදය කල් ඉකුත් වී තිබුණේ අපි ගැටුමෙන් ඉවත් විය යුතුයිග 2022 දී ට්‍රම්ප් ජනාධිපති වූයේ නම් යුක්රේන ගැටුම කවදාවත් වෙන්නේ නෑග යුක්රේනයේ වත්මන් තත්ත්වය රුසියාවට ඛේදවාචකයක් වගේම ලොකු වේදනාවක් යුක්රේනයේ ආරක්ෂාව සහතික කළ යුතු බවට රුසියාව එකඟයිග ඒ්කට වැඩ කරන්න ලෑස්තියිග, යැයි ට්‍රම්ප් සමග පැවති මූලික වටයේ සාකච්ඡාවෙන් පසුව පුටින් මාධ්‍ය වෙත පැවසුවා යුක්රේන-රුසියා යුද්ධයට විරාමයක් ලබාදීමේ අරමුණින් යුතුව ඇලස්කාවේදී පැවැත්වූ පළමු වටයේ සාකච්ඡාව සදහා දෙරටේ නායකයන් ඇලස්කාවට පැමිණි අතර එහිදී වූ හමුව වසරේ සුවිශේෂීතම රාජ්‍ය නායක හමුව බවට පත්වුණා. සාකච්ඡාවෙන් පසුව පැවති ට්‍රම්ප් - පුටින් අදහස් දැක්වීමෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදී තිබුණේ නෑ. දෙරට අතර වසර 6කට පසුව පැවති මෙම සාකච්ඡාව ලෝකයේම අවධානයට ලක්වූවක්. ඇලස්කාවට පුටින් පිළිගත්තේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළකින්. කෙසේවෙතත් හමුව පැවැත්වීමට පෙර ට්‍රම්ප් පවසා තිබුණේ තමන් මෙම සාකච්ඡාවට සහභාගි වීම .යුක්රේනයට බ්‍රෝකර්කමක් කිරීමක්. නොවන බවත් රුසියා-යුක්රෙන යුද්ධයට විසදුමක් සාකච්ඡා මේසයට ගෙනඒමට වෙනුවෙන් පමණක් තමන් කටයුතු කරන බවයි. මෙම සාම සාකච්ඡා වටමේසයේ මීළඟ හමුව සඳහා පුටින් ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනා කළා. ආරාධනය පිළිගැනීම ගැන තමාට යම් උද්දීපනයක් ඇති වන බවයි ට්‍රම්ප් එහිදී පැවසුවේ. කෙසේවෙතත් දෙවැනි වටයේ සාකච්ඡාව වඩාත් තීරණාත්මක සහ වැදගත් වනු ඇති බවත් ඊට යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහභාගි වනු ඇති බවටත් ට්‍රම්ප් පෙර පැවසුව ද මොස්කව් වෙත සෙලෙන්ස්කිට පැමිණීමට පුටින් අද දින ආරාධනාවක් කර තිබුණේ නැහැ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර