Sri Lanka
බස් 2ක් ගැටී බිහිසුණු අනතුරක් - 22කට තුවාල - රියදුරෙක් මරුට - ජායාරූප සහිතයි
100 | 2025-08-16 08:56 AM
මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.


අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.

අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.


ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර