Sri Lanka
ගැටලු රැසක් මැද ජීවි­කාව ගෙන යන තිත්ත­වැල්ලේ වළං නිප­ද­වන්නෝ
2025-08-14 06:42 PM
ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි තිත්තවැල්ල පාරම්පරික වළං ගම්මානයේ වළං කර්මාන්තයේ යෙදී සිටින පවුල් 55ක් අමුද්‍රව්‍ය හිඟය සහ ජල හිඟය නිසා දැඩි දුෂ්කරතාවට මුහුණපා සිටිති. ඉබ්බාගමුනල මඩගල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි මෙම වළං ගම්මානය නැරඹීම සඳහා බොහෝවිට විදේශීය සංචාරකයෝද පැමිණෙති. තමන් මුහුණපා සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ 50 හැවිරිදි සරත් ජයතුංග මෙසේ පැවසීය. වළං සෑදීම සඳහා අවශ්‍ය මැටි සොයා ගැනීමට අපට සැතපුම් හත අටක දුරක් යාමට සිදුවී තිබෙනවාග සමහර විසිතුරු භාණ්ඩ සෑදීම සඳහා විශේෂිත මැටි වර්ග අවශ්‍යයි මෙවැනි මැටි සොයා කැලණිය වැනි දුර බැහැර ප්‍රදේශවලට පවා යාමට අපට සිදුවී තිබෙනවා මැටි ප්‍රවාහනය සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇති අතර එහිදී විවිධ නීති සහ ගැටලුවලටද මුහුණ පෑමට සිදුව තිබෙනවා එයට හේතුව මැටි ප්‍රවාහන බලපත්‍ර අප සතුව නොතිබීමයි මහා පරිමාණයේ උළු කර්මාන්කරුවන්ට මැටි ප්‍රවාහනය සඳහා බලපත් දී ඇතත් අපට එම සහනය මෙතෙක් හිමිවී නැහැ මේ සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි

හිරි­යාල ඒම්.ඒ.ආර්. මනු­කු­ල­සූ­රිය
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට