රුමේනියාවේ රැකියාවක් ලබා දෙන පවසා රුපියල් 9,45,000 ක මුදලක් වංචා කළ බව කියන විදේශ රැකියා ඒජන්සි සමාගමේ සහකාර කළමණාකරුවෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 12 වැනිදා සවස නාරාහේන්පිට පිහිටි විදේශ සේවා නියුක්ති ඒජන්සි සමාගමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක තනතුරක් තමන්ට ලබා දෙන බව පවසමින් සැකකරු 2023 වසරේ සිට අවස්ථා කීපයකදී තමන්ගෙන් මුදල් ලබා ගත් බව පවසමින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් 07 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකයට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකරුව අත්ඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු විදේශ රැකියා නියුක්ති ඒජන්සි සමාගමේ පරිඝනක අංශයේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.විදේශ රැකියා නියුක්ති ඒජන්සි සමාගම විදේශ සේවා,විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන්නකි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජුඩ් සමන්ත