Sri Lanka
ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කරන්න යයි.
2025-08-13 09:17 AM
දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව, පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කෙරෙනවා.

එමගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙන අතර, රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබෙනවා.

ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳපටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. මෙම නියමු ව්‍යාපෘතියෙහි පළමු අදියර කතරගම ඩිපෝවේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ඇරඹුණා.

එහිදී දුර ගමන් බස් රථ කිහිපයකට AI කැමරා පද්ධති සවි කෙරුණු අතර, අමාත්‍යවරයා ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට