මුහුදේ දියනාමින් සිටියදි වියට්නාම් ජාතික කාන්තාවක් දියේ ගිලි මරුට.
62 | 2025-08-11 10:23 PM
අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකට විවේකය සඳහා දිනකට පැමිණ සිටි වියට්නාම් ජාතික කාන්තාවක් මුහුදේ දිය නෑමට ගොස් දියවැලකට හසුවගසාගෙනගොස්පසුවඑමකාන්තාවගේ සිරුර බෙන්තොටවෙරළට අද(11) ගොඩ ගසා තිබියදී හමුවූ බව අලුත්ගම පොලිසිය කියයි
අද පෙර වරුවේ මොරගල්ල මුහුදු තීරයේදී දිය නාන්නට ගොස් මියගොස් ඇත්තේ. වියට්නාමයේ පදිංචිව සිටි නිගුයෙන් ති මින්හ් හැන්ග් ( NGUYEN THI MINH HANG) (50)නම් වූ කාන්තාවක් බව පොලිසිය කියයි.
විදෙස් ජාතිකයන් අසූ හයක සංචාරක කණ්ඩායමක් සමඟ අලුත්ගම සංචාරයක හෝටලයකට පැමිණ එක් දින විවේකයක් ගත කරමින් මුහුදෙ නා ව්නොද වෙමින් සිටියදී මෙම කාන්තාව අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
උදැසන අටට පමණ මොරගල්ල වෙරළෙන් මුහුදට බැස එම කණ්ඩායමේ කොටසක් සමග දිය නෑමින් සිටියදී එම කාන්තාව දියරලකට හසුව ගසා ගොස් පැය කිහිපයකින් බෙන්තොට ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ආසන්න වෙරළ තීරයට ඇගෙ සිරුර ගොඩ ගසා තිබේ .
බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල් හෙට්ටිආරච්චි මහතා අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය පිළිබඳ මූලික මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර ශික්ෂණ රෝහලට යොමු කර එරට තානාපති කාර්යාලය නියම කරන දිනකදී පශ්චාත් මරන පරීක්ෂණ කටයුතුයි සිදු කරන තෙක් කළුතර ශික්ෂණ රෝහලේ මූර්ත ශරීරාගාරයේ සිරුර තැන්පත් කර තැබීමට අලුත්ගම පොලිසියට නියෝග කර තිබේ.
එම විදෙස් කාන්තාව සමඟ පැමිණ සිටි සෙසු විදේශිකයන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන අලුත්ගම පොලිස් ස්ථානාධිපති රමේස් රත්න සිංහම් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් සිසිර කුමාරමහතා(95111) පරීක්ෂණ සිදු කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
ඔබගේ අදහස්