Sri Lanka
ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
2025-08-11 09:24 AM
මෙරට පුමුඛ පෙලේ සමාගම් කිහිපයක සභාපතිවරයෙකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඉෂාර නානායක්කාර මහතා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව අනාවරණ කර ඇත්තේ ගල්ෆ් නිව්ස් වෙබ් අඩවියයිග ඒ අනුව ඔහු ඩොලර් බිලියන 1යි දශම 6ක වත්කමකට හිමිකම් කියනු ලබනවා. ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන කාර්යභාරයක් ද ඉටු කර ඇති බවයි ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස තවදුරටත් ලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි පෙරමුණේ පසුවනවාග ඒ ඩොලර් බිලියන 118 ක ඇස්තමේන්තු ගත වත්කමකට හිමිකම් කියමින් ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්ල ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්ල ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර මහතා දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ රැදී සිටින බවද ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අනාවරණ කරනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට