Sri Lanka
බොක්සිං සටන මරණයකින් කෙළවර වෙයි
2025-08-11 08:27 AM
ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්. නම්ක්‍රීඩකයන් වන අතර, ඔවුන්දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇත.

ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, එහිදී මෙලෙස දිවිහැර ගොස් තිබේ.

මියගිය ක්‍රීඩකයින් දෙදෙනාම වයස අවුරුදු 28 වියේ පසුවන බව සඳහන්.

මෙම වසර මුලදී අයර්ලන්ත බොක්සිං ක්‍රීඩකයෙකු ද තරගයක් අතර එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට