ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ ගැටලු සම්බන්ධයෙන් පවතින රජය සාදනීය මැදිහත් විමක් සිදු කරන බවට ගම්පහ මාධ්‍යවේදී සංගමයේ පළමු මහ සභා රැස්විමේදි විජිත හේරත් මහතා පැවසීය.
ප්‍රාදේශිය මාධ්‍යවේදින් මුහුණ පාන අභියෝග හදුනාගෙන ඇති බවත් ඊට විසදුම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවද විජිත හේරත් මහතා පැවසීය.
එහිදි වැඩිදුරත් අදහස් දැක්වු විජිත හේරත් මහතා.
ඔබ මුහුණ දෙන දෛනික ගැටලු විවිධ වේදිකා වලත් කථා කරලා තිබෙනවා. නමුත් තවමත් ඊට ස්ථිර විසදුමක් ලැබිලා නැහැ. ඔබ මාධ්‍ය ආයතන සමග කටයුතු කරද්දි ඔබට ලැබිය යුතු දිමනාව ඔබට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා නොදෙනවානම් ඒ පිළිබඳ නිතීයානුකූල මැදිහත් වෙන්න ඔබට අයිතියක් තිබෙනවා. හැබැයි ඒක කරන්නම් ඔබ සහ ආයතනය අතර ගිවිසුමක් තිබිය යුතුයි. මේ න්‍යතික භාවට ඇති කරගත්තොත් තමයි ඔබටත් අයිතියක් ලැබෙන්නේ තමන්ගේ අයිතාවාසිකම් ලබා ගන්න. ඒ නිසා මෙතන සිදු කර යුතු න්‍යයිතික වෙනස් කම් ගොඩාක් තිබෙන බව පැහැදිලි වෙනවා. ඒ මැදිහත් විම කරන්න අපි බැදි සිටිනවා.
මාධ්‍ය භාවිතය කියන එකත් හරියට දැලි පිහියෙන් කිරි කනවා වාගේ අවසානයේ ජනතාවට නිවැරදි දත්ත තොරතුරු සංන්නිවේදනය විය යුතුයි. ජනතාව බලාපොරොත්තු වන්නේ එක. ඒ ගුණාත්මක භාවය මාධ්‍යයේ තිබිය යුතු ගෞරුත්වය ඒ සදා සම්පන්න බවත් ආරක්ෂා කරගෙන මාධ්‍ය වෘත්තියේ නියලෙන්න ඔනෑ.
රටවටා මාධ්‍ය සංවිධානයේ ප්‍රධාන සංවිධායක ජුඩ් සමන්ත.
අපේ රටේ සමහර පත්තර ලොකුවට පටන් ගන්නවා නමුත් ටික කාලයකදි වහලා දානවා අපේ ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට සතයක්වත් ගෙවලා නැහැ. ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ ගැටලු වලට විසදුමක් ලබා දෙනවා නම් ලබා දෙන්නේ මේ රජය පමණයි. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධීපතිතුමා ඇතුලු පැවැති රජයන් හැම එකක් එක්කම මේ ගැන කතා කරාට විසදුම් අපිට ලැබුණේ නැහැ.
වැඩි විස්තර සඳහා පහත විඩියෝව බලන්න’