Sri Lanka
ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබෙනවා.
125 | 2025-08-09 08:19 AM
1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණා.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.


>ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් සියයට 15ක් නියෝජනය කරනවා.

මෙම පිරිස ලෝකයේ ඇස්තමේන්තුගත භාෂා 7,000න් අති බහුතරයක් කතා කරන අතර විවිධ සංස්කෘතීන් 5,000ක් නියෝජනය කරන බවයි ජගත් සංවිධානය පවසන්නේ.

අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්රයේ පැවති ජාතික සැමරුම් උත්සවය සඳහා සහභාගී වීමි.
මෙහිදී, ආදිවාසී නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටත්, කෞතුකාගාර මැද මිදුලේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීමටත්, පාරම්පරික දැනුම හා දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් සිදුකරන නව නිෂ්පාදනයක් හඳුන්වාදීමේ අවස්ථාවටත් එක් විය.
ආදිවාසී ප්රජාව සතු දැනුම, තාක්ෂණය සහ සංස්කෘතිය මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික දියුණුව කෙරෙහි සෘජුව දායක කර ගනිමින් සෑම ජන කොටසකම දායකත්වයෙන් ජාතික ආර්ථිකය ගොඩනැංවීමෙහිලා රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේදී මෙවැනි අවස්ථා ඉතා අගය කොට සලකන බවද එතුමන් පැවසීය.

ජායාරූප ජනාධිපති මාධ්‍ය අංශය



ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර