කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු සැකකාර කාර්ය භාර නිළධාරි ,වැටුප් ලිපිකාරිනි සහ ඊට අනුබල දී ඇති බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 වියේ සහ සැකකාර රියදුරු වාද්දුව ප්‍රදේශයේ පදිංචි 54 වියේ පසුවන අයෙකු බව පොලිසිය කීය. මෙම සැකකාරිය වසර කීපයක් මුළුල්ලේ මාස් පතා කළුතර ප්‍රාදේශීය සභා කාර්ය මඩුල්ලේ වැටුප් සැකසීමේදී ලක්ෂ තුනක් හතරක් අතරකමුදලක් මෙලෙස ඇයගේ සහ රියදුරකුගේ ගිණුම්වලට ඉතා සූක්ෂම ලෙස ගිණුම් ගත කරගෙන ඇති බව නොතෙක් කළ පරීක්‍ෂණවලින් අනාවරණය වීතිබේ. මෙම වංචාව අනාවරණය වීමත් සමඟ ආයතන මට්ටමින් සැකකාර සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර මහතා විසින් කල පැමිණිල්ලක් මත දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු වන් අදඅත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනි වීරසූරිය, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර , පොලිස් අධිකාරි රමිඳු සිල්වා යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුරපරීක්ෂණ පවත්වති .
අලුත්ගම තුසිත කුමාරද සිල්වා