ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ 40 වැනි සංවත්සරය හෙම්මාතගම ශාඛාව සමරයි.
හෙම්මාතගම ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ 40 වැනි සංවත්සරය මේ දින වල දිවයින පුරා බැංකු ශාඛාවන් වලදි පැවැත්වෙනවා. ඒ අනුව යමින් හෙම්මාතගම ශාඛාවේද ඔවුන්ට හිතවත් ගණුදෙනුකාර මහත්වරුන් කිහිප දෙනෙක් සහභාගි කරගෙන කෙටි උත්සවයක් හෙම්මාතගම ශාඛාවේදි ජුලි 15 වැනි දින පවත්වනු ලැබුවා.
එහිදි හෙම්මාතගම ශාඛාවේ කළමණාකාරතුමිය සභාව අමතමින් කියා සිටියේ දිවයින පුරා ශාඛා 272 ක්‍රියාමක වන මෙම බැංකු පද්ධතියේ හෙම්මාතගම ශාඛාව 1992 වසරේ මාර්තු 02 වැනි දින ආරම්භ කර දින සිටම ප්‍රදේශයේ හොඳම බැංකු පද්ධතිය බවට ජනතාව අතර පත් කර ගැනීමට හැකියාව ලැබුණු බවයි.
මෙම අවස්ථාවට සහභාගි වු සියලු දෙනා වෙනුවෙන් තිලිණයක් මෙන්ම තේ පැන් සංග්‍රහයක් මෙහිදි පවත්වන ලදි.