Sri Lanka
දළදා පෙරහරේ නටන විශේෂඥ වෛද්‍යවරයා
157 | 2025-08-08 07:45 PM
ඓතිහාසික දළදා පෙරහර ඉතිහාසයේ අලුත් පරිච්ජේදයක් පෙරලමින් දළදා පෙරහරේ මුලින්ම යන නර්ථන කණ්ඩායම් අතර රබන් නර්ථන කණ්ඩායමේ නර්ථනයේ විශේෂඥ වෛද්‍යවරයෙක් සිය නර්ථන කටයුතු සිදු කරයි. මෙලෙස එම හැකියාවන් පෙන්වන වෛද්‍යවරයා වන්නේ දැනට පොළෙන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කරන 48 හැවිරිදි එස්.අයි. සුසන්ත ඉන්දික මහින්දංශ මහතායි. ඔහුගේ කලා මංගල්‍ය පසුගිය මස 27 වැනි දින පැවැති අතර එම සුවිශේෂි සිදුවිමද මා මාධ්‍යවෙත වාර්තා කරන ලද්දේ අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයෙක් මේ වෙනතුරු මෙලෙස වෙස් බැද කලා මංගල්‍යයක් පවත්වා නොතිබිම නිසාය. එමෙන්ම සිය එකම දරුවන් දෙදෙනාද පියාට කලින් වෙස් බැද එකම වේදිකාවේ එදින පියා සමග නර්ථන දක්ෂතා පෙන්විමක්ද මේ දක්වා සිදු වි නොතිබිමද විශේෂත්වයකි. මේ සියලු විශේෂත්වයන් අතර මෙම විශේෂඥ වෛද්‍යවරයා මෙවර දළදා පෙරහරේ නර්ථන හැකියාවන් පෙන්වමින් නර්ථනයේ යෙදිමද විශේෂඥ වෛද්‍යවරයෙක් ඉතිහාසයේ මුල් වරට සිදු කරන සිදුවිමකි. එමෙන්ම ඔහුගේ බාල පුතණුවන්ද පියා සමග නර්ථනයේ යෙදිමද ඉතිහාස ගත වන්නකි.
මෙවර දළඳා පෙරහරේ රබන් නර්ථනයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයා දැනට නැටුම් අධ්‍යාපනයේ යෙදෙන්නේ මධ්‍යම ලංකා නුත්‍ය මණ්ඩලයේ ප්‍රවීන සුරුබා ගුරුන්වන්සේගේ පුතණුවන් වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෞන්දර්ය අංශ භාරව කටයුතු කරන මේජර් ජනරාල් ජනක ප්‍රශාන්ත රාජපක්ෂ මහතා යටතේය. එතුමා මෙවර දළඳා පෙරහරට රබන් නර්ථන කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර එම කණ්ඩායමේ විශේෂඥ වෛද්‍යවරයා සහ බාලපුතණුවන් නර්ථනයේ යෙදෙන්නේය.
සිය පුතණුවන් දෙදෙනාත් මෙ වසරේ අප්‍රේල් මාසයේ හිස වෙස් පාසලේදි බදින ලද මහනුවර ටිංටි විද්‍යාලයේ ඉගෙනුම 11 වසරේ ඉගෙනුම ලබන අංකලක මහින්දවංශ සහ 8 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක් වන බාල පුතණුවන් වන වාගිස් ලේසර මහින්දවංශ යන පුතණුවන්ය.
වෛද්‍යවරයා සතු තවත් සුවිශේෂි තත්වයක් වන්නේ මෙම වෛද්‍යවරයා පාසල් කාලයේ නර්ථනය ඉගෙන ගෙන ඇත්තේ මෙරට ඉතා ප්‍රසිද්ධියක් උසුලන මහනුවර දළදා පෙරහරේ දියවඩන නිළමේ ඉදිරිපිට නර්ථනයේ යෙදෙන සුරසේන පරම්පරාවේ ප්‍රධාන කලාකරුවා වන පිටර් සූරසේන මහතා යටතේ විමද සුවිශේෂත්වයකි.
අද මෙන් පහසුකම් නොවු කාලයක හෙම්මාතගම දේවි බාලිකා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදරා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් පාසලෙන් උසස් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා පශ්චාත් උපාධිය හැදැරීමට කොළඹ වෛද්‍ය විද්‍යාලය තෙ පිවිසි අයෙකි. පසුව වෛද්‍යවරයෙකු ලෙස දිවයින පුරා රෝහල් රැසක සේවය කරන අතරවාරයේදි විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත්ව මේ වන විට පොළොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ විදිහට කටයුතු කරන ඉතා ගුණ යහපත් වෛද්‍යවරයෙක් මෙන් නොව දෙවියෙකු ලෙස හදුන්වා දිමට හැකි ගුණ යහපත් චරිතයකි. වෛද්‍යවරු දෙවියෝය. යනුවෙන් පවසන අපේ රටේ බොහෝ ජනතාවට සැබෑ දෙවියෙකු යැයි කිය යුතු මට්ටමේ රෝගින් වෙනුවෙන් තම රාජකාරියටත් ඒහා ගිය සේවයක් කරන වෛද්‍යවරයෙකි. ඔවුන්ට කතා කිරීමේ සිට එහිදි ලබා දෙන උපදෙස් පවා ඔහුගේ මනස සුවපත් කරවන තරමේ අදහස් ඇති අයෙක් විම විශේෂත්වයකි.
වෛද්‍ය වෘත්තියක් කරමින් සිටින විට විශේෂයෙන් නර්ථන කලාව වැනි විෂයක් හදාරන්නට වේලාව වෙන් කර ගැනීම පවා ඉතා අසීරු කටයුත්තකි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කලාවට වඩා අමතර මුදලක් සෙවිමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් එය සෙවිමටද කාලය තිබියදි සිය මනස සුවපත් කර ගැනීමට මෙන්ම කලාවට තිබෙන සිය අසාව ගැන අපට විශේෂඥ වෛද්‍ය මහින්දවංශ කිවේ මෙවැනි කතාවකි.
දළදා පෙරහරේ දිගටම නර්ථනයේ යෙදෙන්න බැරි වුනත් අවසන් පෙරහර මංගල්‍යයේ දින කිහිපයක් එක දිගට නර්ථනයේ මම සහ පුතණුවන් නර්ථනයේ යෙදෙනවා. මාගේ වෛද්‍යවෘත්තියක් එක්ක එම කටයුතු කරන අතරවාඑයේ තමයි මේ කලා කටයුතු වල නිරත වෙන්නේ යැයිද එතුමා පවසනවා. මේ කටයුතු කරන්නේ මුදල් බලාපොරොත්තුව නෙවෙයි කලාවට තිබෙන අශාව සහ කැමැත්ත නිසා තමයි ඒ වාගේම මේ කටයුතු කරන මාගේ මනසට ලොකු සහනයක් තියෙනවා. ඒ වාගේම ඇගටත් ලොකු සහනයක් ඇති වෙනවා.
මාගේ මහ ගෙවල් හෙම්මාතගම තිබුණත් දැන් මං මහනුවර අම්පිටිය ප්‍රදේශයේ තමයි පදිංචි වේලා ඉන්නේ. මම නුවර පාසල් අධ්‍යපනය හදාරන කාලයේදි සෞන්දර්ය විෂයක් ලෙස නැටුම් විෂයක් ලෙස හැදැරුවා. ඒ අතරේදි අපේ නැටුම් කණ්ඩායම් බිහි වුනා අපේ නැටුම් කණ්ඩායම 1994 වසරේදි පිටර් සූරසේන මහතාගේ නායකත්වයෙන් අපි සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරු තෙන්නකොන් මහතාගේද නායකත්වය යටතේ අපි ගොඩාක් දුර ගමන් කලා. රූපවාහිනිය ගුරුගෙදර අපි නටලා තියෙනවා. මහනුවර පෙරහරේ නටලා තියෙනවා. උඩක්කි නර්ථන, ගිනි සිසිල විවිධ ක්ෂත්‍රයන්හි නැටුම් අපිට ඉගෙන ගන්න හැකි වුනා.
උසස් පෙළ හදාරනකොට මාගේ විෂය ජීව විද්‍යාවට වෙනස් වුනත් මේ කලායාතනය කරන ජනක මාගේ යාළුවා ජනක කියන්නේ ඉසුරුබා ගුරුන්වහන්සේගේ මුණුපුරා ජනක හරහා මේ කලායතනයට සම්බන්ධ වුනාට පස්සේ එදා ඉදන් මොන වැඩේ තිබුණත් මෙහි වැඩ වලටත් මම සම්බන්ධ වෙනවා. මෑත කාලයේ මාගේ පුතාලා දෙන්නත් මේ කලායතනයට සම්බන්ධ කලා. ඒ අනුව මෙතන්ට එන්න තිබෙන සම්බන්ධතාවය වැඩි වුනා ඒ අනුව තමයි මේ දක්වා දුරක් ආවේ.
අද වෙන කොට මම නර්ථනය හදාරන්නේ මාත් එක්ක එකට පාසල් මිත්‍රයෙක් ලෙස කටයුතු කරන දැනට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෞන්දර්ය අංශ භාරව කටයුතු කරන මේජර් ජනරාල් ජනක ප්‍රශාන්ත රාජපක්ෂ මහතා යටතේය. කරන වෘත්තිය සමග මේ කලාව සිදු කරන්නේ කොහොමද යන්න ඇසු ප්‍රශ්නයට ඔහු මෙවැනි පිළිතුරක් අපිට ලබා දෙන්නට විය.
මම බටහිර වෛද්‍ය විද්‍යාව හදාරලා විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. දේශිය උඩරට නර්ථනය කියලා කියන්නේ හෙළ වෙදකමේ එක කොටසක් මෙතන කන්කාරි, ශාන්තිකර්ම, බලිශාන්ති කර්ම වාගේ දේවල් රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිතා කල අපේ තිබුණු හෙළ වෛද්‍ය ක්‍රමයේ කොටසක් ඒ නිසා මට අසාවක් තිබුණා මේ දෙකේ සමතුලිත විම කෙසේද කියලා සලකා බැලිමට.
මොකද සමාජය ගොඩාක් වේලාවට බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වැඩි ඒ වාගේම අපි දේශිය දේවල් ප්‍රත්‍යක්ෂප කරනවා. නමුත් මම මෙහි දැක්ක විශේෂිත භාවය නිසා තමයි. මම මේ නර්ථනයට ගොඩාක් යොමු වුනේ. මේකත් හදාරලා මම කොහොමද රෝගීන් සුවපත් කරන්න පාවිචිචි කරන්නේ කියලා. ඒ නිසා මේ කරන අධ්‍යනයටත් තිබෙන අසාව නිසා තමයි මෙ විෂය තව දුරයත් ප්‍රගුණ කරන්නේ යැයිද පැවසීය. එතුමාගේ වෙස් මංගල්‍ය පසුගිය මස 27 වැනිදා මහනුවර අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේදි පවත්වන ලදි.
සටහන ජායාරූප සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර