Sri Lanka
හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයටත් අලි කරදර දිගටම
69 | 2025-08-08 11:03 AM
හලාවත - මුන්නේෂ්වරම ප්‍රදේශයට කඩා වැදී ඇති වන අලි රංචුවක් තමන්ගේ පොල් කෙසෙල් ඇතුළු වගාවන් විනාශ කරන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

වන අලින් 07 කු පමණ මෙම රංචුවට අයත් වන බවත්ලඑම සතුන් දින 04 ක පමණ කාලයක් මුන්නේෂ්වරමලතිත්තකඩේලමල්වත්තලආරියගමලඇතුළු අවට ගම්මාන වල සැරිසරමින් වගාවන් පාළු කරන බවද ඔවුන් කියා සිටීගරාත්‍රී කාලයේ ගම් වදින මෙම වන අලින් දිවා කාලයේදී මුන්නේෂ්වරම වැව තුළ ඇති ලදු කැලෑවන්ට වැදී සිටින බවද ගම්වාසීන් කියා සිටියේය.
පවතින තත්ත්වය සොයා ගිය අපට හමුවූ ගම්වාසීන් මෙසේ කියා සිටියේය.
ර්‍ණදැන් දවස් හතරක් වෙනවා මේ වන අලි රංචුව ගමට පැනලාගඅපි දන්නා කියන අයට කිව්වාගරාත්‍රී කාලයේ එළියට බහින්න බයයිගකොතන සත්තු ඉන්නවාද කියලා නොදන්න නිසාගඊයේ :06* රාත්‍රීයේ පොල් ගස් 100 ක් විතර විනාශ කරලාගයාන්තම් පීදෙන්න ඔන්න මෙන්න කියලා තිබුණු ගස් තමයි ඔක්කොම ගොඹ ඇදලා කඩලා දාලා තියෙන්නේගඒ පොල් පැල වලින් නැවත ප්‍රයෝජනයක් නම් ගන්න බැරි වෙනවා.
පසුගිය දවස් දෙකේම කෙසෙල් වගාවන් වලට හානි කලාගගන්නම දෙයක් නෑගසරුවට තිබුණු කෙසෙල් වගා බිම් දැන් කාන්තාර වේගන එනවාගදැක්කහම දුකේ බෑගකුඹුරු වලට වතුර ගහන්න සවි කරලා තිබුණු පොම්පයක් කඩලා දාලා ඒකට සවි කරලා තිබුණු බටයත් ඇදගෙන ගිහිංගමොන තරම් අපරාධයක්ද මේ කරන්නේ කියලා බලන්න.
ඔන්න දැන් ටිකකටත් කලින් මුන්නේෂ්වරම වැවේ ඉදලා වන අලි කෑ ගැහුවාගදවල් කාලයට වැවේ හැංගිලා ඉදලා රාත්‍රී කාලයට ගමට එනවා.
පසුගිය අවුරුදු කීපයේම අගෝස්තු මාසය වන විට වන අලින් අපේ ගමට එනවාගඒත් මේ තරම් විනාශයක් කරන්නේ නෑගමොකද ඒ දවස් වල වැවේ වතුර තිබුනේ නෑගඒ නිසා සත්තුන්ට හැංගිලා ඉන්න විධියක් නෑගදවසක් දෙකක් ඉදලා ආපහු යනවා යන්නගනමුත් මේ පාර වැවේ වතුර අඩු වුනේ නැති නිසා සත්තු කොතන ඉන්නවාද කියලා කියන්න බෑ.
අපි මේ ගැන වන ජීවී නිලධාරීන්ට අවස්ථා කීපයකදීම කිව්වාගපොලීසියට කිව්වාගබැරිම තැන පුත්තලම මහා දිසාපති තුමාටත් කථා කරලා කිව්වාගමොකද කාගෙන් හරි පිළිසරණක් අපිට ලැබිය යුතු නිසා” ඔය ආකාරයට අපට හමුවූ සෑම ගම්වැසියෙකුම බියෙන් සලිතව කථා කලේ වන අලින් ගැනයගනමුත් ගම්වැදී සිටින මේ වන අලින්ට එරෙහිව තවමත් කිසිවෙකු ගිනි අවි අතට ගෙන නොමැති වීම විශේෂත්වයකි.
බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී මුන්නේෂ්වරම ප්‍රදේශයට කඩා වැදී සිටින මෙම වන අලි රංචුව ආපසු පලවා හැරීමට කටයුතු කිරීම කළ යුතුව ඇතගමන්ද තමන් වගා කළ වගාවන් රැක ගන්නට ඒ ප්‍රදේශයේ පදිංචිකරුවන් හෙට දිනයේ කුමක් කරාවිද යන්න නොදන්නා නිසාය. ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර