Sri Lanka
විදේශකයන්ට ලංකාවේ ත්‍රීරෝද රථ සහ බර වාහාන රියදුරු බලපත්‍ර නිකුත් නොකරයි
2025-08-06 10:18 AM
සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස එම කටයුතු කටුනායක ගුවන් තොටුපලේ දී ඇරඹීමට තීරණය කොට තිබේ.

මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත වන බව පෙනී ගොස් ඇත.

නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර බර වාහන හෝ ත්‍රිරෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට