හලාවත ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මාදම්පේ හරිත උයන සහ පරිසර සම්පත් කේන්ද්‍රය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වල් බිහි වෙමින් විනාශ වී යාමට බලධාරීන් ඉඩ හැර ඇති බවක් දක්නට ඇත.
හලාවත - කොළඹ මාර්ගයේ කඩුපිටිඔයට ආසන්නයෙන් මෙම හරිත උයන සහ ළමා උද්‍යානය ස්ථාපනය කර ඇත.
පාසල් ළමුන් සහ පරිසරය පිළිබදව ගවේෂණය කරන්නන්ට ඒ සදහා දැණුම සහ තොරතුරු ලබා දීම පරිසර සම්පත් කේන්ද්‍රය තුළින්ද ප්‍රදේශයේ කුඩා දරුවන්ව ක්‍රීඩා කටයුතු සදහා හුරු කිරීම සදහා ළමා උද්‍යානයක් ස්ථාපනය කිරීමද හලාවත ප්‍රදේශීය සභාවේ අරමුණ වී ඇත.
2005 අගෝස්තු මස 03 වැනිදා ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හරිත උයන සහ ළමා උද්‍යානය 2008 අගෝස්තු මස 30 වැනිදා ජනතා අයිතියට පත් කර ඇත.
ළමා උද්‍යානය සදහා ප්‍රාදේශීය සභාව විසින් පළාත් නිශ්චිත ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ 05 ක මුදලක්දලසම්පත් කේන්ද්‍රය සදහා පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 45ක්ද වැය කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.
මෙම ස්ථානයේ ඇති ළමා උද්‍යානය තුළ කුඩා දරුවන්ට ක්‍රීඩා කළ හැකි උපකරණ රැසක් ස්ථාපනය කර ඇතගඑමෙන්ම එම ස්ථානයට පැමිනෙන අයගේ පහසුව සදහා වැසිකිළි සහ ජල පහසුකම්ද සම්පාදනය කර ඇතග පැමිනෙන අයගේ පහසුව සදහා උද්‍යානය තුළ ඇති ගොඩනැගිල්ලේ බිම් මහල තුළ ආපන ශාලාවක්ද පවත්වා ගෙන ගොස් ඇත.
එම ගොඩනැගිල්ලේ ඉහළ මහළ භාවිතා කර ඇත්තේ පරිසර සම්පත් කේන්ද්‍රය පවත්වා ගෙන යාම සදහායගඒ සදහා අවශ්‍ය සියළුම පහසුකම් එම ස්ථානය සතුව පවතී.
මෙම ස්ථානය වැසි කාලයේදී ජලයෙන් යටවී යන්නේයගඒ මෙම භූමියට ආසන්නයෙන් ගලා යන කඩුපිටිඔය පිටාර ගැලීම නිසායගකඩුපිටිඔයේ ජීවත් වන බව කියන කිඹුලන්ද මෙම භූමිය තුළ නිරත සැරිසරණ බවක් ප්‍රදේශවාසීන් විසින් නිරීක්ෂණය කර ඇතගමෙම ළමා උද්‍යානය සහ පරිසර කේන්ද්‍රය ස්ථාපනය කරන්නට පෙර එම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් වග කිව යුත්තන් අවධානය යොමු නොකළේ මන්ද යන්න සොයා බැලිය යුතුය.
ඒ සමගම බලධාරීන් විසින් සිදු කර ඇත්තේ හරිත උයන සහ සම්පත් කේන්ද්‍රය වසා දැමීමයගඑපමණක් නොව එම ස්ථනයේ තිබූ නාම පුවරුව පවා ගලවා ඉවත් කරන්නට ඔවුන් කටයුතු කර ඇත.
පවතින තත්ත්වයට කිසියම් පිළියමක් යොදා මෙම පරිසර සම්පත් කේන්ද්‍රය ස්ථාපනය කිරීම තුළින් දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය දැණුම ලබා දීමට හැකියාව ඇතගඒ තුළින් අමතර ආදායමක්ද ලබා ගැනීමේ හැකියාව ඇතග එමෙන්ම ළමා උද්‍යාය පවත්වා ගෙන යාම තුළින් ප්‍රදේශයේ දරු දැරියන්ට සවස් කාලය ගෙවීමට සුදුසු වටපිටාවක් සකස් වනවා ඇත.
නමුත් බලධාරීන් ඒ කිසිවක් සිදු නොකොර ළමා උද්‍යානය සහ පරිසර සම්පත් කේන්ද්‍රය වසා දමා ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් විනාශයට පත් කරමිනි.
ජුඩ් සමන්ත