පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු අතර පැතිර යන වල් වී හේතුවෙන් සාමාන්‍ය වී අස්වැන්නට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව කෘෂිකර්ම නිලධාරීන් මෙන්ම ගොවීන්ද සදහන් කරයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ කුඹුරු වල වල් වී ශාකය දක්නට ඇති බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඩීගවීගතරංගිකා ශ්‍යාමලී මහත්මිය කියා සිටින්නීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේලනාත්තන්ඩියලආණමඩුවල නවගත්තේගමල කරුවල ගස්වැව , ආරච්චිකට්ටුව, හලාවත ආදී ප්‍රදේශ කීපයම ඇති කුඹුරු වල සෙසු වී වගාවන් පරදවමින් වල් වී ශාකය දක්නට ඇති බව මෙම ලියුම්කරු කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.</div><div>
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය මෙසේද කියා සිටියායග වල් වී කියන්නේ කාලයක් තිස්සේ තිබුණු උවදුරක්නමුත් වෙනත් කාල වලට වඩා මෙම වකවානුවේ වල් වී දිස්ත්‍රික්කය පුරාම දකින්න තියනවාග විශේෂයෙන්ම මහා වාරි ව්‍යාපෘති වල ඇති කුඹුරු වලත් මෙම ශාඛය දකින්න තිබීම විශේෂත්වයක්ගදිවයිනම ආවරණය වන පරිදි වල් වී මර්ධන ප්‍රවර්ධන සතියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය දිනක ක්‍රියාත්මක කලාගඑහිදී අපි බලාපොරොත්තු වුනේ වල් වී ශාඛය සම්බන්ධයෙන් ගොවීන් දැණුවත් කිරීමත්ලඑම උවදුරෙන් මිදීමට හැකි ක්‍රමවේදයන් කියා දීමත්.
සාමන්‍ය වී සහ වනජ වි මුහුන් වීම තුළින් වල් වී පැතිර යන්න පුළුවන්ග එමෙන්ම සාමාන්‍යයෙන් අපි වගාවන් සදහා යොදා ගන්නා වී වර්ග වල ඇති විය හැකි විකෘති තත්ත්වයන් නිසාත් වල් වී බිහි වීමේ ප්‍රවනතාවයක් තියනවාගඑමෙන්ම අපි අමතක නොකළ යුතුයි වල් වී වර්ගත් එකිනෙකට වෙනස් බවගඒ නිසා එකම ආකාරයට හදුනා ගන්න අපහසුයි.
බොහෝ විට වල් වී ශාකයේ කද දම් පැහැයක් ගන්නවාග අනිත් වී ගසට වඩා ඉක්මනින් උසට වැඩෙනව පදුරු දැමීමක් සිදු වන්නේ නෑගකොළ සිහින් මෙන්ම ලා පාටකින් යුක්තයිගමෙහි ඇති භයානකම තත්ත්වය තමයි ඉතාමත් සියුම් චලනයකින් පවා පීදුණු වල් වී ශාඛායේ බීජ හැලී යාම එසේ බිමට හැලෙන වල් වී බීජ වලට අපි වගාවන් සදහා යොදා ගන්නා සාමාන්‍ය වී ප්‍රභේද වල තිබෙන බීජ සමග ලොකු තරගයක් දෙන්න පුළුවන්ගඅපි වගා කරන වී වලට කලින් වල් වී වලට හැකියාව තිබෙනවා ජලයලපොහොර වැනි දේ උරා ගන්නටගඒ නිසා සාමාන්‍ය වී ගසට කලින් වල් වී ගස පැළවෙනවා එමෙන්ම ඕනම වියලි මෙන්ම අයහපත් පාරිසරික තත්ත්වයක් මත වුනත් ජීවත් වෙන්න හැකියාවක් වල් වී වලට තියනවා ඒ වගේමයි වල් වී කරල මෝරන්නේ වරින් වර ඒ නිසා වල් වී බීජ වලට හැමදාම පරිසරය තුළ ජීවත් වීමේ හැකියාව තියනවා.
බිම් සකස් කිරීමේ සිටම කන්න කීපයක් නිසි පරිදි ක්‍රියාත්මක වුනොත් අපිට වල් වී පාලනය කිරීමට හැකියාවක් තියනවා ගැඹුරට සී සෑම සහතික කරන ලද පිරිසිදු බිත්තර වී භාවිතා කිරීමලවී වැපිරීම වෙනුවට පේලියට සිටුවීමෙන්ද වල් වී ප්‍රභේද පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්ගඒ වගේම හොදම දේ තමයි වල් වී ගස හදුනා ගෙන එම ශාඛය පීදෙන්න පෙර ඉවත් කිරීම.
වල් වී තර්ජනයට මුහුණ දී සිටින ගොවීන් කියා සිටියේ ඇතැම් බිත්තර වී සමගද වල් වී බීජ ලැබෙන බවට සැකයක් ඇති බවයගඑමෙන්ම වල් වී හේතුවෙන් තම කුඹුරු දිනෙක් දින විනාශ වෙමින් පවතින බවද ඔවුන් කියා සිටියේය.
කුමන ආකාරයකට ක්‍රියාත්මක වී හෝ වල් වී ශාඛයන් ගොවිබිමෙන් ඉවත් නොකළ හොත් අනාගතයේ මෙරට කුඹුරු වගාවට විශාල හානියක් සිදු විය හැකි බවද ගොවීන් කියා සිටියේය.
ජුඩ් සමන්ත