Sri Lanka
මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය ලබන 11 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භවේ.
2025-08-05 08:46 AM
ඓතිහාසික හලාවත මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය ලබන 11 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ වන බව ප්‍රධාන පුජක එස් පද්මනාභ කුරුක්කල්වරයා කියා සිටියේය.
ඊශ්වර දේවාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රධාන පුජක වරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව මංගල්‍ය සමය ආරම්භ කරමින් කප් සිටුවීම අගෝස්තු මස 11 වැනිදා දහවල් 10.00 ට සිදු කිරීමට නියමිතව ඇත. එදින සිට සෑම දිනකම පෙරහැර පැවැත්වෙන අතර ගිනි පෑගීමේ උත්සවය සැප්තැම්බර් මස 02 වැනිදා සවස 4.00 ට සිදු කිරීමට නියමිතව ඇත. හලාවත දැදුරුඔයේදී දිය කැපීම සැප්තැම්බර් මස 07 වැනිදා දහවල් 12. 00 ට සිදු කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 09 වැනිදා සවස 4.00 ට පැවැත්වෙන මංගල උත්සවයෙන් මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍ය සමය නිමාවට පත් වේ.
මංගල්‍ය සමයේදී දේවාල භූමිය සහ අවට පොලිත් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවද ප්‍රධන පුජකවරයා මෙහිදී කියා සිටියේය.
ඊශ්වර දේවාලයේ මංගල්‍ය සමය තුළ ඒ අවට ඇති සෙසු දේවාල වලද විවිධ මංගල උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට