දඹානේ ආදිවාසීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව (04) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරෙයි. සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින වැදි ප්‍රජාව දළදා වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පෞරාණිකව පැවත එන චාරිත්රයකි.
වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රමුඛ වැදි කණ්ඩායමක් මී පැණි පූජාව සඳහා පැමිණෙති.මී පැණි පූජාවෙන් අනතුරුව වැදි නායකයා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුවේ සිට පළමු රන්දෝලි පෙරහර නරඹන ලදි.
මාලිගාවේ මාධ්‍ය ඒකකය