Sri Lanka
ලංකාවේ වැඩිම වටිනාකමකින් යුතු Yotong බස් කාගේද, කොහේද ? මේ බස් දුවන්නේ කොහේද ?
87 | 2025-08-04 06:46 PM
පසුගිය දවස්වල ඔබ දකින්න ඇති එක පෙළට අධි සුඛෝපභෝගීි බස් රථ පෙළක් යනවා. මේ බස් රථ පෙළ ලංකාවට ගෙන එන ලද්දේ ආයතනයේ හිමිකරු නිකිත ග්‍රේරු මහතා ඇතුළු මේ ආයතනයේ නිළධාරීන්. මොකක්ද මේ අධිසුපෝගභෝගි බස් රථ පෙළක් ලංකාවට ගෙනාවේ.
ඔවුන් පවසන්නේ මෙවැනි දෙයක් මේ වන විට මගී ප්‍රවාහන පද්ධතිය තුළ ලෝකයේ බොහෝ රටවල්වල මඟින්ට ලබා දෙන පහසුකම් සහ ආරක්ෂාව. ඉතාම ඉහළයි. නමුත් ලංකාවේ මගි ප්‍රවාහන පද්ධතිය තුළ එලෙස පහසුකම් දක්නට නොලැබේ. මේ නිසා ලංකාවේ තියෙන සංස්කෘතිය වෙනස් කරලා මේවැනි දේවල්වලට වටිනාකමක් දෙන්න ඕන. මේ වගේ දෙයකින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ මගී ප්‍රවාහන පද්ධතිය තුළ වෙනසක් ඇති කරයි කියලා.
බස් රථ සංස්කෘතිය වෙනස් කරන්න අපි ගෙනත් තියෙන මේ බස් රථ කියන බස් රථයක්. මේ බස් රථය චීනයෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. මෙය දැවැන්ත කර්මාන්ත ශාලාව නිෂ්පාදනයන් කිහිපයක් ම තියෙනවා. යුරෝපයේ රටවල්වලට යවන නිෂ්පාදනයක් තමයි මේ අපේ රටට ගෙනත් තියෙන්නේ. පොඩි කාලේ ඉදලාම මගේ තිබුණ අශාවක් මත තමා මේ ව්‍යාපාරය මේ තරම් දියුණු කරන්න බලපෑවේ යැයිද පවසයි.
මේ ගෙන්න බස් රථය කෝටි පහයි ලක්ෂ 38ක් වෙනවා. ඇත්තටම ලංකාවේ වැඩිම මිලක් තියෙන බස් රථයක්. මිට පෙර මෙවැනි මිලකට බස් රථ ලංකාවට ගෙනත් නෑ. මිලියන ගානක් දුර දුවන්න පුළුවන් බස් රථයක් මේක. එන් සී ජී හෝල්ඩින්ග්ස්හි මෙහෙයුම් කළමනාකරු ඉමේෂ් පෙරේරා මේ බස් රථෙය් තියෙන විශේෂතා පිළිබඳ මෙසේ අදහස් දැක්විය.
මේ බස් එක නිර්මාණය කරලා අපි ලංකාවට ගෙනාවේ ලංකාවට ආවේණික විදියට, මාසෙකට ලක්ෂ 4ක් හෝ ලක්ෂ 6ක් පමණ ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
මගියාට ලැබෙන වාසි මොනවාද මේ බස් රථ මඟින් යුරෝපිය ක්‍රමයට සිට් බෙල්ට් හදලා තියෙන්නේ, අපිට වෙනම ඇප් එකක් තියෙනවා එන්ජින් එකේ තියෙන ප්‍රශ්න මොනවාද බලන්න. ඒ වගේ ම සිට් හදලා තියෙන්නේ හරිම පහාසු විදියට. සිට් එක මගියාට හදා ගන්න පුලුවම් විදියට තියෙන්නේ. සිට් බෙල්ට් එක පැළදීම අනිවා© කරලා තියෙනවා මේ බස් රථවල. මේ බස්වල සිසිටීවී තියෙනවා. අපි ඒවාගෙන් මගියා ගැන නිරන්තරයෙන් අවධායනයෙන් ඉන්නේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර