සාම්ප්‍රදායික උඩරට නර්තන කලාව අනාගතයේ දී අභාවයට පත් වී යන ලක්ෂණ දක්නට ලැබෙනවා. අපි මේ නැටුම් සම්ප්‍රධායන් රැක්කේ කිසිම මුදලක් අපේක්ෂාවෙන් නෙවෙයි යැයි මහනුවර දළදා පෙරහරේ දියවඩන නිළමේ ඉදිරිපිට වසර 37 ක් තිස්සේ නර්ථයේ යෙදෙන දිවන්ගත පිටර් සූරසේන මහතාගේ පුත් ජානක සුරසේන මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කර සිටියේ පසුගිය දිනක මහනුවර ප්‍රදේශයේ පැවැති වෙස් නර්ථන හිස වෙස් තැබිමේ අවස්ථාවකට එක් වෙමින් මාධ්‍යවේදින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජානක සුරසේන මහතා මෙසේ ද පැවසීය.
මම මගේ තාත්තා නටපු විදිය දැකලා නැටුවා, මම මගේ පුතාට වෙස් තියලා මේ පෙරහැරේ ගෙනියව්වා. නමුත් මේක තරුණ පරම්පරාවෙන් ගිලිහි යනවා. මොකද පරාම්පරික කලාකරුවන් ගිලිහි යනවා. ගිලිහි යන්න ප්‍රධාන හේතුව තමයි මෙම කලාවෙන් මිනිස්සුන්ට ජිවත් කරන්න මේ ලැබෙන මුදල වර්තමාන ආර්ථිකයත් එක්ක අවම මට්ටමක පැවතීම. කලාවෙන් ආදායමක් නෑ.
මේ කලාව රැකියාවක් කර ගත්තෝත් මේ අනිවාර්යෙන් ම මේ කලාව අතාරින්න වෙනවා. ඉතින් එක පෙරහැර දවස් 10ක් නැටුවට අවුරුද්දක් ජිවත් වෙන්න බෑ. එතකොට මේ කලාකාරයෝ යාවත් කරන්න, මේ කලාකාරයෝ රකින්න, මේ කලාකාරයෝ ඉස්සරහාට යන්න මොකක් හරි රජයකින් හෝ සංස්කෘතික නිලධාරින් හෝ සංස්කෘතික අමාත්‍යාංශයකින් කලාකාරයෝ ජිවත් කරවන්න ඕනි. පෙරහැරක් නැටුවා කියලා මිනිසුන්ට අවුරුද්දක් ජිවත් වෙන්න බෑ. කලාකරුවන්ට රැදෙන්න බෑ. රැදෙන්න ඉතින් ඒ පාරම්පරික කලාකරුවෝ රකින්න මෙන යම් හෝ ක්‍රමයක් එන්න ඕන මේ රජයෙන්. එහෙම උනොත් තමයි ඉදිරි අනාගතයේ සම්ප්‍රධායික කලාකරුවෝ මේ පෙරහැරේ දකින්න වෙන්නේ. පාරම්පරික කලාකරුවෝ දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ කලාකරුවෝ කලාව අතැරලා යනවා අනිවාර්යයි යැයිද එතුමන් පැවසීය.
ජානක සුරසේන යනු දිවන්ගත සූරසේන මහතාගේ දෙවැනි පරම්පරාව නියෝජනය කරන පුතණුවන්ය. එතුමන් වසර 37 ක් මහනුවර පෙරහැරේ නර්ථනයේ යෙදෙන අතර සිය වැඩිමහල් සහෝදරයා සහ මල්ලී මේ වන විට දියවඩන නිළමේ ඉදිපස නර්ථනයේ යෙදෙන ප්‍රසිද්ධ පාරම්පරික කලාකරුවෙකි. එමෙන්ම මේ වන විට තුන්වැනි පරම්පරාවද එම පවුලේ පිරිමි දරුවන් නර්ථනයට පිවිස ඇත.
විඩියෝ එක පහතින් නරඹන්න
මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර