Sri Lanka
පිහි ඇණුමෙන් අයෙක් මරු
53 | 2025-08-04 11:19 AM
මාරවිල - මූදුකටුව ප්‍රදේශයේ වෙරළ තීරයේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමකින් පසුව සිදුවී ඇති පිහි ඇණුමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලීසිය කියයි. ඉකුත් 03 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත. සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මාරවිල - වීදි පාර පදිංචිකරුවෙකු වන හික්ගොඩ ගමගේ චාලුක උදයංග අවු 32 නම් අයෙකි මෙම ගැටුමේදී තුවාල ලබා ඇති නාත්තන්ඩිය - පරාක්‍රම මාවත පදිංචි කච්චකඩුගේ පැතුම් දිලෝෂණ අවු24 යන අය මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මිය ගොස් ඇති අය ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග මුහුදු වෙරළේ දිය නාමින් සිටින විට එම ස්ථානයට වෑන් රථයකින් පැමිණි පිරිසක් මත් පැන් පානය කරමින් කෑ කෝ ගසන්නට පටන් ගෙන ඇතගඑම අවස්ථාවේදී දෙපිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව පිහි ඇණුම සිදුවී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත. තම සැමියා සහ මිතුරන් සිටි ස්ථානයට වෑන් රථයකින් පැමිණි පිරිසක් මස් පුළුස්සමින් මත්පැන් පානය කරන්න පටන් ගත්තාගඒ අතර තුර දිය නාමින් සිටි තම සැමියාට සහ ඔහුගේ මිතුරන්ට බීමතින් සිටි අය හූ කියන්න පටන් ගත්තාගඑම අවස්ථාවේ තමයි දෙපිරිස අතර බහින් බස්වීම සිදු වුනේගඑසේ බහින් බස් වන අතර ඔවුන් සිටි දෙදෙනෙකු තම සැමියාට සහ සැමියාගේ මිතුරාට පිහි වලින් ඇණ තුවාල සිදු කළ බවත් ප්‍රතිකාර සදහා රෝහල් ගත සිටින අයගේ බිරිද වන වික්‍රමආරච්චිලාගේ සුරණි කාංචනා යන අය පොලීසියට පවසා ඇත. සිද්ධියෙන් තුවාල ලබා සිටි දෙදෙනාව එම අවස්ථාවේදීම ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහල් ගත කරන විටත් එක් අයෙකු මිය ගොස් ඇත. මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුව මාරවිල පොලීසිය මගින් 03 වැනිදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇතගඔවුන් බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇතග ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර