Sri Lanka
දහම් පාසල් දරුවන්ගෙන් ගැබිණි මව්වරුන්ට දිවා දානයක්
2025-08-04 11:06 AM
ගැබිණි මව්වරුන් සදහා දිවා දානය පිරිනැමීමේ උතුම් පුන්‍යකර්මයක් ආණමඩුව - කොට්ටුකච්චියල8 කණුව අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරු දැරියන් විසින් සිදු කරන ලදි. ඉකුත් 03 වැනිදා දහම් පාසල පැවැත්වෙන අතර තුර මෙම පුන්‍ය කටයුත්ත සිදු කරන ලදිගප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 30 දෙනෙකු විහාරස්ථානයට පැමිණ මෙම කටයුත්තට සහභාගි විය. අභිනවාරාම විහාරාධිකාරී පුජ්‍ය පිහිඹුවේ ශාක්‍යතිස්ස හිමිපානන් විසින් ගැබිණි මවකගේ වටිනාකම පහදා දෙමින් මෙහිදී අනුශාසනාවක්ද සිදු කරන ලදි. ආණමඩුව ප්‍රාදේශීය ලේකම් W.M.L.S. විජේසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට