Sri Lanka
ඉන්දියාවෙන් ගෙනාපු බිඩී කොළ මාරවිල පොලිසිය සැකකරුවෙක් සමග අල්ලයි
2025-08-03 02:23 PM
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2197 ක් තම බාරයට ගෙන ඇති මාරවිල පොලීසියේ නිලධාරීන් එක් සැකකරුවෙකුවද අත්අඩංගුවට ගෙන ඇත. 03 වැනිදා අළුයම මාරවිල - මෝදරවැල්ල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීම සදහා සුදානම් කර තිබූලොරි රථයක්ද,එම ලොරි රථයට ආරක්ෂව සැපයීම සදහා සුදානම් කර තිබූ වෑන් රථයක්ද පොලිස් යට ගෙන ඇත. බීඩි කොළ තොගය පොලින් මළු 58 ක අසුරා තිබී ඇත. මෙම බීඩි කොළ තොගය රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා බව වැටලීම කළ නිලධාරීන් කියයි. බීඩි කොළ තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සෝත්තුපිටිය වාඩිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකුවය.වැටලීම සිදු කරන විට සැකකරුවන් 08 දෙනෙකු පමණ පලා ගිය බවත්,ඔවුත් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බවත් පොලීසිය කියයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ තොගයක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සුදානම් කර ඇති බවට මාරවිල පොලීසියේ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.වැටලීම සිදු කර ඇත්තේ ඒ අනුවය. බීඩි කොළ තොගය සැකකරුවන් විසින් ලොරි රථයට පටමින් සිටන විට පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා පැන ඇත. එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් පලා ගොස් ඇත.එසේ පලා ගිය පුද්ගලයින් අතරින්එ ක් සැකකරුවෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට