ක්‍රීඩාව සහ කලා කටයුතු නංවාලීම අරමුණු කරගෙන ආණමඩුව නගර මධ්‍යයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද ගොඩනැගිලි සංකීර්ණයක් මුල්‍ය ප්‍රතිපාදන නොමැදි වීම හේතුවෙන් වල් බිහි වී විනාශයට ලක් වෙමින් පවතින ආකාරයක් දක්නට ඇත'
2014 වසරේ අනුරාධපුරයේ පැවති “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමීව මෙම ගොඩනැගිළි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු එම වසරේම ජූලි මස 14 වැනිදා ආරම්භ කරන ලදි ඒ ආණමඩුව නගරයේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියකය.අදියර දෙකකින් ඉදිකර අවසන් කිරීමට යෝජිත වූ මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 51 ක මුදලක් වයඹ පලාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් එම අවස්ථාවේදී ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව පළමු අදියරේ වැඩ කටයුතු සදහා රුපියල් එක් කෝටි අසු එක් ලක්ෂ හතලිස් නමදහස් නවසිය දොළහක (1,81,49,912) ක මුදලක්ද,දෙවැනි අදියරේ වැඩ කටයුතු සදහා රුපියල් දොලොස් ලක්ෂ විසි හයදාස් නවසිය පනස් එකක 1226951 ක මුදලක්ද වයඹ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත්කරුට ගෙවා ඇත නමුත් ඉදිකිරීම් කටයුතු අතර මග නැවතී ඇත
මෙම ගොඩනැගිලි සංකීර්ණය තුළ ගෘහස්ථ ක්‍රීඩාවන් කීපයක්ම පැවැත්වීමටත්, විවිධ කලා කටයුතු ප්‍රදර්ශණය කිරීමටත් යෝජනා වී ඇත.ඒ අනුව ගොඩනැගිල්ල මධ්‍යයේ පැවැත්වෙන ක්‍රීඩා සහ කලා කටයුතු අසුන් ගෙන නැරඹීම සදහා අවශ්‍ය පහසුකම් වලින්ද සමන්වි වේ' එම කටයුතු වලට සහභාගි වන අයවළුන්ට නවාතැන් ගැනීම සහ වෙනත් කටයුතු සදහා අවශ්‍ය පහසුකම් වලින්ද මෙම ගොඩනැගිල්ල සමන්විත වීම විශේෂත්වයකි'
ආණමඩුව අවට ඇති පාසල් කීපයක දරුවන් පසුගිය දිනවල ජාතික ක්‍රීඩා තරග වලට සහභාගි වූ නමුත් ඔවුන්ට පුහුණුවීම් කටයුතු සදහා දුර බැහැර යාමට සිදුවූ බව ක්‍රීඩකයෙකු සහ මාධ්‍යවේදියෙකුද වන ටෙරන්ස් වනිංගසිංහ මහතා පැවසීය පුත්තලම දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම සහ පහසුකම් සහිතව ඉදිකිරීමට යෝජිතව තිබූ මෙම ගොඩනැගිල්ල ගැන අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා වර්තමානය වන විට ජාතික මට්ටමේ අත්පන්දු, දැල් පන්දු,බාස්කට් බෝල් වැනි ක්‍රීඩා තරග පැවැත්වෙන්නේ ගෘහස්ථවයි.නමුත් අපේ ප්‍රදේශයේ දරුවන් මෙම තරග සදහා පුහුණුවීම් සිදු කරන්නේ එළිමහන් ක්‍රීඩාංගන වල.එම තත්ත්වය තරග ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමක් වෙනවා.නමුත් ඒ දරුවන්ට මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය භාවිතා කර පුහුණුවීම් සිදු කරන්න තිබුණා නම් ජයග්‍රහනයක් ලබන්නත් හැකියාව තිබෙනවා'
ඒ විරතක් නෙමෙයි ආණමඩුව සහ ඒ අවට කියන්නේ කලාකරුවන් රැසක් බිහිවූ ප්‍රදේශයක්වි මලරත්න කුමාරගම සයිමන් නවගත්තේගම වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් මෙන්ම ජාතික තලයේ දස්කම් දැක්වූ විශාල පිරිසක් මේ අවට සිටිනවා.ඔවුන්ගේ ලෙයින් බිහිවූ දරුවන්ට තම මව්පියන්ගෙන් උරුම වූ හැකියාවන් ප්‍රදර්ශණ කරන්න ස්ථානයක් මේ අයට නෑ.නමුත් මේ ස්ථානය ඒ සදහා ඉතාමත්ම හොද තෝතැන්නක්'
අන්න ඒ නිසයි අපි මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තිබුනේ.නමුත් ඒ බලාපොරොත්තුව මේ වන විට අතහැර දාන්නයි අපිට වෙලා තියෙන්නේ
ගොඩනැගිලි සංකීර්ණය අවට මෙන්ම ඇතුළතද මේ වන විට වල් බිහිවී වන සතුන් ගහන භූමියක් මෙන්ම විවිධ අපචාර සිදුවන ස්ථානයක් බවටද පත්ව ඇත.මෙම ගොඩනැගිලි සංකීර්ණය කඩා වැටීමකට ලක් නොවී තවමත් ශක්තිමත්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද වගකිව යුත්තක් අවධානය යොමු කළ යුතු බවද ටෙරන්ස් වනිගසිංහ මහතා කියා සිටියේය'
මෙම ගොඩනැගිල්ලේ ඇති වටිනාකම සහ ඉන් ප්‍රදේශයට අත්වන සේවාව පිළිබදව පුත්තලම වත්මන් මෙන්ම හිටපු දිසා ලේකවරුවන්ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරියද අවස්ථා කීපයකදීම වයඹ පළාත් ඉංජිනේරු කාර්යාලය දැණුවත් කර ඇති නමුත් කිසිදු පලක් වී ඇති බවක් දක්නට නැත.සිදුවී ඇති එකම කාර්ය නම් ගොඩනැගිල්ල තව තවත් වල් බිහිවෙමින් පැවතීම පමණක්මය
ජුඩ් සමන්ත