Sri Lanka
ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කර පොලිසියට කොටු වු දෙදෙනෙක්
44 | 2025-08-03 08:45 AM
ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කර තලවිල ශාන්ත ආනා දේවස්ථාන භූමිය ආසන්නය වීඩියෝ ගත කරමින් සිටි ස්ලාම් ජාතික තරුණයින් දෙදෙනෙකුව නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. ඉකුත් 02 වැනිදා සවස 6.10 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය - මණ්ඩලකුඩාව සහ පෙරියකුඩිරිප්පුව පදිංචිකරුවන් වයස අවුරුදු 25 සහ 35 වියේ පසුවන බව පොලීසිය කියයි. සැකකරුවන් රූප ගත කිරීම සදහා යොදා ගත් ඩ්‍රෝනා යානාවල එහි පාලක උපකරණ සහ ඔවුන් පැමිණි ජීප් රථයක්ද නාවුක හමුදා නිලධාරීන් විසින් තම බාරයට ගෙන පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. තමන් විසින් පවත්වා ගෙන යන යූ ටියුබ් නාලිකාවකට අවශ්‍ය දර්ශණ ලබා ගැනීම සදහා මෙම පටිගත කිරීම කරමින් සිටි බව සැකකරුවන් පවසා ඇත ඩ්‍රෝනා යානාවක් සන්තකයේ තබා ගැනීමට ඔවුන්ට බලපත්‍ර තිබී ඇත නමුත් ඩ්‍රෝනා යානාව තලවිල දේවස්ථාන භූමිය අවට ගුවන් ගත කර ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීමට ඔවුන් කිසිවෙකුගෙන් අවසර ලබා ගෙන තිබී නැත තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය 03 වැනිදා පැවැත්වෙන අතර එම අවස්ථාවට සහභාගි වීම සදහා ලක්ෂ 05 ක පමණ ජනතාවක් පැමිණ සිටී වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් තලවිල පුජා භූමිය සහ අවට ආරක්ෂාවද තර කර ඇත.
ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර