Sri Lanka
චින මිත්‍රත්ව ගම්මානයම ලෝක අමාරුවේ
148 | 2025-07-15 06:30 AM
අරණායක සාමසර කන්දේ අවතැන් වුවන්ට ලබා දුන් චින මිත්ත්‍රව ගම්මානයේ කැලි කසල බැහැර කලත් ඒවා අරණායක ප්‍රාදේශිය සභාව මගින් රැගෙන නොයෑම හේතුවෙන් එම ජනතාව ගැටලු රැසකට මුහුණ පා ඇති අතර කුඩා දරුවන් සහ වැඩිහිටියන් නිරන්තරයෙන් මේ හේතුවෙන් රෝගි වන බව එම ජනතාව මැසිවිලි කියති.
සමහර කුඩා දරුවන් මෙන්ම ව්‍යවෘද්ධ අය කිහිප දෙනෙක්ම ඩෙංගු වැනි රෝගි තත්වයන්ට පවා මේ නිසා මුහුණ පා ඇති බවද ඔවුන් පවසයි. එමෙන්ම වසර ගණනාවක් තිස්සේ මෙම තට්ටු නිවාස පිහිටා ඇති යාබද ඉඩමේ අරණායක ප්‍රාදේශිය සභාව සිය ප්‍රාදේශිය බල ප්‍රදේශයේ එකතු වන කැලි කසල බැහැර කරන ලදි. මෑත කාලයේ එහි කසල බැහැර කිරීම නොකරන නමුත් උස්සාපිටිය හතරමන්හන්දිය ප්‍රධාන මාර්ගය භාවිතා කරන අය වාහන වලින් යද්දි එම කැලි කසල බැහැර කර ස්ථානයට නිවාස වල මෙන්ම ව්‍යාපාරික ස්ථාන වල කැලි කසල මෙන්ම නොදිරන බොහෝ දේ ගෙනවිත් දමා යෑම නිසාද අදටත් එම ජනතාව පිඩාවට පත්ව ඇත.
මිට දින කිහිපයකට කලින් මිය ගිය ගවයෙකුගේද දේහයක් එහි ගෙනවිත් දමා තිබුණු බව රුවන්දෙනිය තට්ටු නිවාස වල ජනතාව පවසයි. කැලි කසල අනවසර ලෙස මෙම ස්ථානයට බැහැර කරන අය අල්ලාගෙන අරණායක පොලිසියට භාර කලත් ඒ සඳහාද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනු බවයි එම ජනතාව පවසා සිටියේ. 2016 වර්ෂයේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සාමසර කන්ද නාය යෑම හේතුවෙන් එහි අවතැන් වු නිවාස අහිමි වු ජනතාවගෙන් පවුල් 60 වෙනුවෙන් සාමසර කන්දට කිලෝමිටර් 8 ක් පමණ දුරකින් පිහිටි රුවන්දෙනිය ගම්මානයේ අක්කර 5 ක ඉඩමක් තෝරා ගෙන චිනය විසින් ලංකාව සහ චිනය අතර පවතින හැට වසරක මිත්‍රත්වය වෙනුවෙන් චින මිත්‍රත්ව ගම්මානය ලෙස මෙහි නිවාස 60 ක් ඉදි කරන්නට වු අතර ඉන් පසුව එම ව්‍යාපෘතියේ අඩුපාඩු රැසක් තිබුණත් කිසිදු බලධාරියෙකුගේ අවදානය ඒ වෙත යොමු නොවනු බවයි ජනතාව කියා සිටිනේ.
එහි අඩුපාඩු කොතෙක් තිබුණත් කැලි කසල අරණායක ප්‍රාදේශිය සභාවට දිනපතා හෝ සතියකට වතාවක් රැගෙන ගොස් විදිමත්ව බැහැර කරන්නට අවශ්‍ය පහසුකම් ලබා දෙන මෙන් මේ ගම්මානයේ ජනතාව අවස්ථා කිහිපයකදි ඉල්ලා සිටියත් ඒ වෙනුවෙන් මේ දක්වා කිසිදු බලධාරියෙකුගේ අවදානය යොමු නොවු බවයි ඔවුන් පවසා සිටියේ.
අට්ටාපිටිය ප්‍රදේශයේ ජිවත් වන ගුරුවරියෙකු ලෙස සේවය කරන සඳමාලි අඹේරත්න. ප්‍රාදේශිය සභාව කලින් මෙම තට්ටු නිවාස වලට යාබද ඉඩමේ කැලි කසල බැහැර කලා. නමුත් කාලයක් තිස්සේ කැලි කසල බැහැර කරපු පුරුද්ද නිසා හතරමන්හන්දිය සහ උස්සාපිටියෙන් මෙම මාර්ගය භාවිතා කරන බොහෝ දෙනෙකු කැලි කසල ගෙනවිත් දැමු ඉඩමට යාබදව ප්‍රධාන මාර්ගයට කැලි කසල බැහැර කරනවා. මේක පාරිසරිකව ලොකු ගැටලුවක්. වාගේම ප්‍රදේශයේ නිවසක ඉන්න හිටින්න බැරි තරම් දවල්ට මැස්සෝ රාත්‍රී කාලයේදි මදුරුවන් පොඩි දරුවෝ වැඩිහිටියෝ ලෙඩ වෙනවා මේකට විසදුමක් ලබා දිමට බලධාරීන් කටයුතු කරනවා නම් ඉතා වටිනවා.
රුවන්දෙනිය තට්ටු නිවාස වල ජිවත් වන ඒ.ජී.එල්.මුණසිංහ
අපි තට්ටු නිවාස වල ජිවත් වෙන්නේ පොඩි වටපිටාවක තමයි ජිවත් වෙන්නේ. මේ නිවාස වල එකතු වෙන කැලි කසල මුල් වකවානුවේ අරණායක ප්‍රාදේශිය සභාව අරන් ගියා. ඒ කාලයේ මේ අල්ලපු ඉඩමේ කුණු දැම්ම නිසා එම ස්ථානයට ගිහින් අපේ අය කුණු බැහැර කලා. නමුත් ප්‍රාදේශිය සභාවත් එම ස්ථානයේ විදිහත් ලෙස කැලි කසල බැහැර කලේ නැහැ. සමහර කුණු පාර දිගට දැම්මා. අද එම ස්ථානයේ කැලි කසල සභාව බැහැර නොකරත් පෙර පුරුද්ද සහ කල පුරුද්දට වාහාන වලින් තාමත් එතනට කුණුදානවා. අපිට වේලා තියෙන්නේ අපේ එකතු වන කුණු දාන්න තැනක් නොමැති කම. නිවාස කෙලවරේ කපපු වලකට කුණු දානවා ඒ වලත් දැන් පිරිලා. නිවාස වල එකතු වන කුණු සමහර අවස්ථා වල කරගන්න දෙයක් නැති නිසා භූමිතෙල් පැට්ට්‍රල් දාලා ගිනි තිබ්බත් මේක හැමදාම කරන්නත් බැහැ. කියන්න ඔනෑ හැම තැනකටම කිවා එත් වැඩක් වුනේ නැහැ.
අපි කියන්නේ මේ ඉන්න රජයේ අවදානය මේ වෙත යොමු කරලා මේ ගැටලුවට විසදුමක් අරන් දෙන්න කියන එක විතරයි. අරණායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා. එතුමා පවතින ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් එතුමාගේ අවදානයත් යොමු කර යුතුව පවතිනවා. ඒ වාගේම සමගි ජන බලවේගයේ ප්‍රාදේශිය සභාවක් තියෙන්නේ එහි සභාපතිතුමාගේ අවදානය මේ වෙත යොමු විය යුතුයි නමුත් අපි අවස්ථා කිහිපයකදි ඔවුන්ට මතක් කලා වැඩක් වුනේ නම් නැහැ.

විඩියෝ නැරඹිමට පහත link මත ක්ලික් කරන්න.

https://web.facebook.com/0772329034SAMAN/videos/697466516445376


ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර