Sri Lanka
මුහුදෙන් ගෙනාපු නිතී විරෝධි එන්නත් තොගයක් පොලිස් අත්අඩංගුවට
2025-08-02 05:58 PM
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ මෙරටට ගෙන එන ලද වියලි ඉගුරු සහ එන්නත් තොගයක් කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
ඉකුත් 01 වැනිදා කල්පිටිය - ඒත්තාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෙම වැටලීම සිදු කර ඇතග මෙහිදී පොලිතින් උර 14 ක අසුරා තිබූ වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 490 ක්දල එන්නත් පෙට්ටි 03 ක්ද මෙහිදී පොලිස් බාරයට ගෙන ඇතගකිලෝ ග්‍රෑම් 35 ක් බර එම එන්නත් ආතරයිටිස් සහ සමේ රෝග සදහා භාවිතා කරන බවට හදුනා ගෙන ඇත.
වියලි ඉගුරු තොගය සහ එන්නත් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ බොලරෝ වර්ගයේ ජීප් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇතගවැටලීම සිදු කරන විට එහි රියදුරු පලා ගොස් ඇත.
ජීප් රථයේ ලියාපදිංචිය තුළින් එහි හිමිකරු සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන බව පොලීසිය කියයිග කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට