පොඩි දරුවන්ට පුංචි කාලෙදිම ෆෝන් එක දෙන්න හොද නැත්තෙ ඇයි ?
54 | 2025-08-01 02:44 PM
මෙන්න මෙහෙමයි දැන් කාලේ ගොඩක් දෙමව්පියෝ කරන දෙයක් තමයි පොඩි දරුවාට පොඩි වයසේදීම ඒ කියන්නේ අවුරුදු 2ටත් අඩු කාලෙදිම ෆෝන් එක දෙන එක සමහරු බත් කවන්නෙත් ෆෝන් එකේ මොනවා හරි දාලා පෙන්නලා ඒක ඇත්තටම එච්චර හොඳ දෙයක් නෙවෙයි ඒකට හේතු කීපයක් තියෙනවා
මොළයේ වර්ධනයට බාධාවක්
පොඩි දරුවන්ගේල විශේෂයෙන්ම පොඩි දරුවන්ගේ මොළය හරිම වේගයෙන් වර්ධනය වෙනවා මේ කාලේදී එයාලා වටපිටාවෙන් දේවල් ඉගෙන ගන්නවා සෙල්ලම් කරනවාල අනිත් අය එක්ක කතා බහ කරනවා මේ දේවල් හරියට වෙන්න නම් එයාලා ඇත්ත ලෝකේ එක්ක සම්බන්ද වෙන්න ඕන සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන්න ඕනල අම්මා තාත්තා එක්ක කතා කරන්න ඕන අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕන ඒත් ෆෝන් එකක් දිහා බලාගෙන හිටියම ඔය දේවල් වෙන්නේ නෑ එයාලා තනි වෙනවා අනිත් අය එක්ක සම්බන්ද වෙන එක අඩු වෙනවා ඒක එයාලගේ මොළයේ වර්ධනයට හොඳ නෑ
ඇස් පෙනීමේ ප්‍රශ්න
පුංචි තිරයකට වෙලා ගොඩක් වෙලා බලාගෙන ඉන්න එක පොඩි දරුවන්ගේ ඇස් වලට හොඳ නෑ ඒකෙන් එයාලගේ ඇස් පෙනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්
නින්දට බාධා
ෆෝන් එකෙන් ටැබ් එකෙන් එන නිල් එළිය නිසා පොඩි දරුවන්ගේ නින්ද අවුල් වෙන්න පුළුවන් ඒක එයාලගේ වර්ධනයට හොඳ නෑ
අවධානය අඩුවීම
ෆෝන් එකේ තියෙන දේවල් හරිම ඉක්මනින් වෙනස් වෙනවා එක එක පාට පාට දේවල්ල සද්දල එහෙ මෙහෙ යන දේවල් ඔය හැම දෙයක්ම තියෙනවා ඉතින් පොඩි දරුවා ඒවට හුරුවුනාමල එයාට එක දේකට ගොඩක් වෙලා අවධානය දීගෙන ඉන්න අමාරු වෙනවා ඒක එයාගේ ඉගෙනීමටත් බලපානවා
ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීම
ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න වෙලාවට පොඩි දරුවා දුවලා පැනලා සෙල්ලම් කරන්නේ නෑ එයා එක තැනකට වෙලා ඉන්නවාග ඒක එයාගේ ඇඟේ වර්ධනයට හොඳ නෑ
සමාජ කුසලතා වර්ධනය බාල වීම
පොඩි දරුවෝ අනිත් අය එක්ක කතා බහ කරලාල සෙල්ලම් කරලා තමයි සමාජ කුසලතා ඉගෙන ගන්නේ යාළුකම් ඇති කරගන්නල රණ්ඩු විසඳගන්නල අනිත් අයගේ දුක සතුට තේරුම් ගන්න එයාලා ඉගෙන ගන්නේ ඔය විදියට ඒත් ෆෝන් එකක් එක්ක තනියම හිටියම ඒ දේවල් ඉගෙන ගන්න වෙන්නේ නෑ
තරබාරුව
ෆෝන් එකට ඇබ්බැහි වෙන පොඩි දරුවෝ අනිත් අයට වඩා තරබාරු වෙන්න තියෙන ඉඩ වැඩියි ඒකට හේතුව එයාලා අඩුවෙන් සෙල්ලම් කරන එක සහ කන ගමන් ෆෝන් එක බලන එක
පවුලේ බැඳීම් අඩු වීම
පවුලේ හැමෝම එකට ඉන්න වෙලාවටත් ෆෝන් දිහා බලාගෙන හිටියමල එයාලා අතර තියෙන බැඳීම ටික ටික අඩු වෙනවා
ඉතින් ඔය හේතු නිසා තමයි පොඩි දරුවන්ටල විශේෂයෙන්ම අවුරුදු 2ට අඩු දරුවන්ට ෆෝන් එක දෙන එක එච්චර හොඳ නෑ කියන්නේ ඒ වෙනුවට එයාලත් එක්ක සෙල්ලම් කරන්නල එයාලට කතන්දර කියලා දෙන්නල එයාලව එළිමහනට එක්ක යන්න වගේ දේවල් කරන එක තමයි කරන්න ඕන
කුඩා දරුවන්ගේල හා නව යොවුන් වයසෙ ඉන්න දරුවන්ගේ ල පාලනයකින් තොර මේ මොබයිල් ෆෝන් භාවිතය නිසාල ඔවුන් විවිධ ආකාරයෙන් විනාශ වෙමින් යනවා
පොඩි දරුවෝ ඉන්න අනිත් අයවත් දැනුවත් කරන්න මේ ලිපිය අනිවාර්යෙන් ශෙයා කරන්න
ඔබගේ අදහස්