කුමටද ගුණ සැරසිලි වැඩක් නැතී, වැඩියම උනොත් පොඩි සුදු කොඩි දෙකක් ඇතී, මැරුණට පස්සේ කිසි කෙනෙකුට බරක් නැතී, මිනිසා මලා කීවොත් ඒත් ඇති. මේ පද පේලිය සැමුවෙල් රොද්‍රගු අතින් ලියවු කවියක්. ආරම්භයේදි මේ කතාව ලියන්න හිතුනේ මාවනැල්ල, හෙම්මාතගම, ගල්කොන කියන ග්‍රාමයේ පදිංචිව සිට මිය ගිය ඩි.ආර්. කිරිබණ්ඩා මහතා මිය යන්නට පෙර සිය මරණයේ කටයුතු සිදු විය යුතු ආකරය ගැන ලියා තිබු සටහනක් නිසාය. අද ලෝකයේ බොහෝ මිනිසුන් ජිවත් වෙන්නේ මිය යන බව දැන ගෙන යන්න ප්‍රශ්නාර්ථයක් වන අතර ඊට කදිම නිදහසුන කිරිබණ්ඩා මහතාගේ මරණයෙන් ඔහු සමාජයට ලබා දුන් උතුම් ආදර්ශයයි.
දේශිය වෛද්‍යවරයෙක් මෙන්ම ගොවියෙකු වු ඒ මහතා මිය යන විට සිව් දරු පියෙකි. විෂ ඝෝර සර්ප දෂ්ටණයකදි ඊට නියම ප්‍රතිකාර ලබා දෙමින් රෝගීන් සුවපත් කිරීමේ දක්ෂ පළපුරුද්දක් වෙද මහතාට තිබුණි. වයස අවුරුදු 88 යි මාස 9 ක් මේ ගම්මානයේ ජිවත් වුයේ සිය පරම්පරාවෙන් පැමිණි වෙදකම ද සිදු කරමිනි. රැකියාව වශයෙන් ගොවිතැන් කටයුතු සිදු කරන්නට අතර විශේෂයෙන් සර්ප දෂ්ටණයකදි මොන විෂ ඝෝර සර්පයෙක් දෂ්ටකර තිබුණත් දේශිය පාරම්පරික බෙහෙත් එත් මගින් සුව පත් කර රෝගියාගේ නිවසට ගොස්ම ඒ කටයුතු කර දෙන විට සිය බිරිඳ එම බෙහෙත් සොයා ගැනිම් ඒවා සකස් කර දීම් වෙනුවෙන් ලබා දුන්නේ විශාල දායකත්වයකි.
අද සමාජයේ ජිවත්ව සිටිය යුතු ගුණ යහපත් මිනිසෙකු වුවත් මෙතුමා ද ස්භාව ධර්මයේ ඇති විම සහ නැති විම යන සංකල්පය අනුව පසුගිය 09 වැනිදා සිය ජීවත ගමන අවසන් කර අතර 2018 වසරේ නොවැම්බර් 16 වැනිදා එතුමාගේ ඉල්ලීකට අනුව සිය බාල පුතණූවන්ගේ බිරිඳ වන පාසල් ගුරුවරියට සිය මරණයේ කටයුතු සිදු කර යුතු පිළීවෙල ගැන පොතක ලියා තබන්නට එකින් එක කරුණු වශයෙන් එතුමන් පවසා තිබුණි.
ඒ අනුව එහි මෙසේ සටහන්ව ඇත.
ඩී.ආර්.කිරිබංඩා වෙද මහතාගේ අවසාන කැමැත්ත.
1. තමාගේ අවසාන කටයුතු පැය 24 ක් තුල ( ඊටත් ඉස්සර හැකිනම් ) කරන්න.
2. එම්බාම් කරන්න එපා.
3. පෙට්ටිය ඉතා සරල විය යුතු අතර වියන් තට්ටු ලයිට් බුබුළු එපා.
4. ඇඟට සුදු රෙද්දක් දමන්න.
5. පොස්ටර්, බැනර්, සැරසිලි එපා.
6. පාංස කූලයට එක හාමුදුරු නමක් වුවද ප්‍රමාණවත්ය.
7. පාංස කූලයට සුදු රෙදි වෙනුවට හැකි නම් අදන සිවුරු පූජා කරන්න.
8. හාමුදුරුවන්ට පූජා භාණ්ඩ පූජා කිරිමට ( රු.1000 ) ගානේ නැදෑයන්ට ( ලෙකු දුව, ගංගා, මධු ඇතුළුව ) අන් නෑදැයන්ට කියන්න.
9. අවසන් කටයුතු වේලාවේදි හොඳ නරක ගැන කථා නොකරන්න.
10. පාංස කූල අවස්ථාවේදී
■ මට්ටකුණ්ඩලී කථාව
■ නයා ගහපු කථාව
■ නකුල සිටු කථාව කියන්න.
11. සමිති වලින් බඩු බාහිර ආදිය ගෙන්න එපා. ඒවාගෙන් ලබා දෙන මුදල් ගන්නත් එපා.
12. පියාට වදින විට කියන ගථාව කියා වදින්න.
13. කිසිවෙක් මා වෙනුවෙන් කදුළු නොසලන්න. අනත්‍ය මෙනෙහි කරන්න.
යනුවෙන් මෙසේ ලියා තිබුණේ මිට වසර 6 කට ඉහතදීය. එයද ලියා තිබුණේ නොවැම්බර් මාසයක වන අතර එතුමා මෙලොව හැර ගියේද නොවැම්බර් 09 වැනිදා විමද විශේෂත්වයකි.
ජිවිතව සිටින කාලයේදි අසීමාන්තික සිහින දකින, අසීමාන්තික දේවල් රැස් කරන මිනිස්සු අතරේ ජිවිතයේ හීන බලාපොරොත්තු උනත් අපි දකින්න ඔනෑ පුලුවන් තරමින් විතරක් වුනත් බොහෝ මිනිසුන් එසේ නොවිම කණගාටුවට කරුණකි. ජිවත්ව සිටින මිනිසුන්ගේ මරණය ඔවුන්ගේ සිත් තුල මවන්නේ බිය මුසු වේදනාකාරී බවක් වුවත් මරණය කොයි මොහොතක හෝ සිදු වෙන බව දැන යහපත් ලෙස ජිවත් වු මිනිසෙක් ලෙස කිරිබංඩා වෙද මහතා හැදින්විම වරදක් නොවන්නේය.
මිය යන්නට දිනකට පෙර තම දෙවැනි පුතාගේ නිවසට ගොස් සිටියදි ක්ලාන්තය වැනි තත්වයක් ඇති බව පුතණුවන්ට පැවසීම නිසා හනිකට රෝහල් ගත කර පසු සිය දරුවන් සියලු දෙනා පියාණන් බැලිමට කෑගල්ල රෝහලට පියාගේ දුක සැප බලන්නට විය. ඔවුන් පැමිණි පසු ඔවුන් සමග කතා බහ කර සුවසේ සිට සවස මෙලොව හැරදා යන්නට වුයේ කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකි ලෙසකිනි. කෙසේ හෝ තම පියාගේ අවසන් කටයුතු පියා කියා ඇති අන්දමට සිදු කිරීමට දරුවන් සියලු දෙනා එහිදි කටයුතු කරන්නට විය.
ඒ අනුව මෙම දේහය නිවස වෙත ගෙන එමෙන් පසුව විශාල පිරිසක් එතුමාගේ අවසන් කටයුතු වන තෙක්ම පැමිණි අතර බැනර් පොස්ටර් ගිහි කථා නොමැති අවංමල්‍ය උත්සවයක් පැවැත්වු අතර අවමංග්‍ය උත්සවයට පැමිණ ආගමික කටයුතු කර කපුරැක්ක විහාරස්ථානයේ විහාරාධිපති පින්නවල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති හකුරුගම්මන සූසීල හිමියන්ද එහිදි හැගුම්බර වි ආගමික කටයුතු අතරේ සංවේදි විම එහි සිටි බොහෝ දෙනෙකුගේ නෙතට කදුළුක් එක් කරන ලද කාරණයක් විය. එතරම්ම සමීප සම්බන්ධතාවයක් ගමේ පන්සලේ හාමුදුරුවන් සහ වෙද මහතා අතර තිබුණි.
මිය ගිය වෙද මහතා තම උපන් ගම්මානයේ නිවසේ කාලය ගත කිරීමට ප්‍රියතාවක් ඇති අයෙකි. මේ දෙදෙනාම ගුණ යහපත් දරුපරපුරක් රටට දැයට දායක කර ඇත්තේය. තමා සිදු කරන වෙදකම වැඩිමහල් පුතණුවන් වන ඩී.ආර්.විජිත බණ්ඩාර මහතාට හැකි අතර එතුමා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරයි. ඔවුද රැකියාවට ඒහා ගිය සේවාවක් කරන කෙනෙකි. 2016 නාය යෑම් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වු අවස්ථාවේ හෙම්මාතගම පොලිස් වසමේ පුහුල්හේන ප්‍රදේශයේදි හදිසියේම පුද්ගලයන් ඉවත් කිරීමේ අවස්ථාවකදි හෙම්මාතගම පොලිසියේ සේවය කර විජිත බණ්ඩාර වයවෘද්ධ මාතාවක් පොලිස් ඇදුමෙන්ම සිය දැත් දෙකෙන් ඔසවා ගෙන රැගෙන දුවගෙන පැමිණෙන අන්දම එකල ප්‍රධාන ධාරාමේ මාධ්‍ය වලද පල විය. එම නිලධාරියා රාජකාරියට වඩා උතුම් සේවයක් කරන ලද නිලධාරීයෙක් බව ගම්මුන් දැක්කාය. එහි සිටි තරුණයෙකුගේ ජංගම දුරකථනයේ එම ජායාරූපය සටහන් කර ගත් නිසා එම ආදර්ශය රටටම දැන ගැනීමට එදින හැකි විය.
වෙද මහතාගේ දරුවන් විවාහ වි මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජිවත් වෙන නිසා මෙම නිවසේ කිරිබණ්ඩා මහතා සහ සිය බිරිඳ සමග සිටි අතර නිවසේ සිටින සෑම අවස්ථාවකම වයස් ගත වුවත් වත්තේ ප්‍රධාන මාර්ගයේ දෙපස සුද්ධ පවිත්‍ර කරමින් නිතරම වැඩ කිරීම එතුමාගේ පුරුද්දකි. පෝය දිනයට නිවසේ හෝ සිල් සමාදන් විම පුරුද්දක් කර ගෙන තිබුණි. වෙදමහතා සහ සිය බිරිඳ නගරයට ගියත් යන්නේ එකටයි. වාහානයක හෝ ත්‍රීවිල් රථයක ගියත් බසින විට පිං දී බසින පුරුද්දක් දෙදෙනාටම තිබුණි.
දරුවන් කොතෙක් මහන්සි නොවි සිටින ලෙස කිවත් එය කිසි විටකවත් නොඅසා වැඩ කරන පුරුද්දක් ඔහුට තිබුණි. වයස් ගත වි සිටියත් ලෙඩකට කියා වෙද මහතාට තිබුණේ ඇස් පෙනිම තරමක් දුරට අවම විම පමණි. ගම්මානයේ ලොකු කුඩා හැම කෙනෙකුටම සෙනෙහසකින් ආදරයකින් තමන්ගේ දරුවන් ලෙස සිතා කටයුතු කිරීමේ පුරුද්දක් එතුමන්ට තිබුණි.
විෂ ඝෝර සර්පයන් දෂ්ටනයෙන් පසුව වෙද මහතා සොයා රෝගින් රැගෙන ආ පසුව යන්ත්‍ර මන්ත්‍ර සිදු කර බෙහෙත් ලබා දී සති දෙක තුන යද්දි සුවපත් කිරීමේ විශ්මිත හැකියාවක් එතුමන්ට තිබුණි. තමා ජිවත්ව සිටින නිවස අවට වතු පිටි නිරන්තයෙන් සුද්ධ පවිත්‍ර කරන වෙද මහතා. ප්‍රධාන මාර්ගය දෙපසද ලස්සනට තබා ගැනීම වෙනුවෙන් එම කටයුතු කරන අතර ඉන් පසු සිය බිරිඳ සමග යන්නේ ලොකු පුතා පදිංචිව සිටින කටුගස්තොට ප්‍රදේශයේ නිවසටයි. එහි ගොස්ද කිසි වේලාවකවත් නිකන් නොසිටන එතුමා එහි වතු පිටි සුද්ධ පවිත්‍ර කරන අතර අනතුරුව කුරුනෑගල සිය බාල දියණියගේ නිවස වෙත ගොස් එහිද එම කටයුතු කර බාල පුතණුවන්ගේ කෑගල්ලේ නිවසට ගොස් දරුවන්ගේ දුක සැප බලා එහිද එම කටයුතු කර ගමේ පන්සලේ දානය දිනයට කොතන සිටියත් පැමිණ දෙදෙනාම ගොස් දානය පූජා කර නායක හිමිවරුන් කුඩා සාමනෙර හිමිවරුන් සමග සුහඳව කතා කර නිවසට එන්නේ අපමණ සතුටකනි. පන්සල යන විට කුඩා හිමිවරුන්ට මොන යම් හෝ රසකැවිල්ලක් නැතිනම් කිසියම් මුදලක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පොතක් පතක් ගැනීමට දිමේ පුරුද්දක් ඔහුට තිබුණි.
කපුරැක්ක විහාරස්ථානයේ පැවැදි වි සිටින හෙම්මාතගම ධම්මසිරි පොඩි හාමුදුරුවෝ වෙද මහතාගේ අයියාගේ දියණියගේ දරුවෙකි. එම දියණියට දරුවන් දෙදෙක් සිටි අතර හදිසි රෝගි තත්වයක් හේතුවෙන් මව පියා මිය යන විට අසරණ වු දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම සියලු කටයුතු සිදු කරන්නේ වෙද මහතා මැදිහත් වෙමිනි. පැවැදි වි සිටින ධම්මසිරි පොඩි හාමුදුරුවන් බැලිමට ගොස් පොත් පත් ගන්න කීයක් හරි දෙන්නට සිය බිරිඳට මතක් කරන පුරුද්දක් වෙද මහතාට තිබුණි.
ලුණු සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වු බාලපුතණුවන් වන අනුර බණ්ඩාර වැනි පුතණුවන්ලා පවා ඉහළ රැකියාවන් කරමුත් දරුවන්ගේ වත් පොහොසත් කම් කුමක් වුවත් ඒවායෙන් හිත උදුම්මා නොගත් ජිවත්ව සිටින ඔවුන් අදටත් සාමන්‍ය විදිහට ගැමි විදිහට ජිවත් වු සමාජයේ ආදර්ශමත් චරිත විය. වෙද මහතා කොහේ ගියත් බොහෝ විට යන්නේ පයට සෙරෙප්පුවක්වත් නොමැතිවයි. එතුමා බොහෝ විට පවසන්නේ මට ඔවා පුරුදු නැහැ මේ මහ පොළොව පැගීම තරම් යහපත් දෙයක් නොමැති බවයි. මොන සැප සම්පත් තිබුණත් දරුවන්ගේ නිවාස වලට වඩා එතුමා ප්‍රිය කලේ ගමේ නිවසටයි. දරුවන්ද මව පියාගේ ප්‍රිය මනාප කම් වලට බාධා නොකර ඔවුන්ට අවශ්‍ය මිල මුදල් කෑම බිම බෙහෙත් හෙත් අවශ්‍ය වේලාවට ලබා දිම සිදු කරමින් එම කටයුතු කර අතර ගමේ අයද තම දෙමාපියන් ලෙස ඔවුන්ට ඉතා ගෞරුත්වකින් කටයුතු කලේද හැම කෙනෙකුටම එතරම්ම ආදරණිය බවක් මේ දෙදෙනාගෙන්ම දුටු නිසාය.
පොලිස් සේවයේ සිටින වැඩිමහල් පුත් විජිත බණ්ඩාර මහතා අප කරන ලද විමසිමකදි මෙසේ පැවසීය.
මාගේ අප්පච්චි හරි සැහැල්ලුවෙන් සතුටින් ජිවත් වු කෙනෙක්. ගොඩාක් වේලාවට අප්පච්චි ප්‍රිය කලේ මේ නිවසේ කාලය ගත කිරීමටයි. අප්පච්චි අම්මා විවාහ වුනේ 1970 වසරේදී. සහෝදරයන් 6 දෙනෙක් අප්පචිච්ගේ පවුලේ හිටියා. අම්මාගේ ගම පොළොන්නරුව අප්පච්චි ඉස්සර තරුණ කාලේ දැව ඉරිම සිදු කලා. පොළොන්නරුවේ දැව ඉරන්න ගිය අවස්ථාවක ඇති කර ගත් දැන හදුනා ගැනීමකදි තමයි පස්සේ විවාහයක් බවට පත් වෙන්නේ. දෙන්නාම හරි සතුටින් දරුවන්ගේ පමණක් නෙවෙයි පවුලේ ගමේ අයට උදව් උපකාර කරමින් ජිවත් වුනා. අපි දරුවෝ හැටියට දෙන්නා සතුටෙන් තබන්නට හැම දේම කලා. දරුවන් හැටියට අපේ බලාපොරොත්තුවත් එකයි.
මාගේ අප්පච්චි සාමන්‍ය මනුෂයන් වාගේ නෙවෙයි හරි වෙනස් කෙනෙක්. ගොවියෙක් විදිහට වැඩ කරමින් අපව ජිවත් කලා පමණක් නොවෙයි නැදෑයන් බොහෝ දෙනෙකුට එතුමා නායකත්වය ලබා දුන්නා. කිසිම අඩුපාඩුවක් කලේ නැහැ. හැම අවස්ථාවකදිම පරිත්‍යාගශිලි බවින් කටයුතු කලා.
ඉස්සර සර්පයන් සපා කෑම් වලදි රාත්‍රී කාලයේ හුළු අතු බැදගෙන එම නිවෙස් වලට ඇවිද ගිහින් ප්‍රතිකාර කලා අද වාගේ සමාජ වටපිටාවක් දියුණු මාර්ග නොමැති කාලේ ආගිය කාලේ මට මතකයි මාත් අප්පච්චි සමග ගිය නිසා.
කවදාවත් කූනැල්ලන් කෑවාට අප්පචිචි අයින් කරන්නේ නැහැ සතා වැටෙනකම් ඉන්න පුරුද්දක් තිබුණා. මදුරුවෙක් කෑවත් එහෙමයි. දරා ගැනීම, ඉවසීම, වාගේ දේවල් පුගුණ කිරීම අතින් පොහොසත් මිනිසෙක්.
මිය යන්නට කලින් දිනයේදි පවා ගමේ අසරණ රෝගීයෙකුට බඩු මල්ලක් ගිහින් දිලා ඔහු බලලා ඇවිත් තමන්ට ලැබුණු අලුත් සරමක් සහ කමිසයකුත් ඔහුට ගමේ අයෙකු අතේ යවා පවසා තිබුණේ මට ඔනෑවට වඩා දේවල් ඔනෑ නැහැ අවශ්‍ය වේලාවට ලැබෙනු ඇති බවයි. අසරණ කෙනෙකු දුටුවහොත් යමක් කරන්නට සිතක් පහල වෙන පුරුද්දක් වෙද මහතාට තිබුණි.
අප්පච්චි දවස තිස්සේ වැඩ කරලා නාන්නේ සවස 6 පස්සේ ඊට පස්සේ කෝපි කොප්පයක් බිමේ පුරුද්දක් තිබුණා. නිතරම ගෙදර ගමේ අය නැදෑයන් දරුවන් පිරි ඉන්න විට පුදුම විදිහේ සතුටකින් ඉන්න කෙනෙක් යැයි වැඩිමහල් පුතණූවන් අදහස් දක්වමින් පැවසීය.
කිරිබණ්ඩා වෙද මහතා කල බොහෝ සමාජ සේවා අතරින් සිදු කරන උතුම් ක්‍රියාවක් වන්නේ බක්මාසයේ හිස තෙල් ගෑමේ අවස්ථාවේදි හිස තෙල් සකස් කර ගම්වැසියන්ට බෙදා දී තම නිවස අසල හිස තෙල් ගෑමේ අවස්ථාව පවා සංවිධාන කර එම චාරිත්‍රය සිදු කිරීමයි. තමන් ජිවත් වු ගමේ අයට පමණක් නොව තම දරුවන්ගේ ගම්මාන වලට ගිය පසුවද ගම්වැසියන් මෙම වෙද මහතාට පුදුම විදිහේ ආදරයක් දැක්වු කෙනෙකි. එම නිවාස වලට ගම්වැසියන් පැමිණ ගම්වැසියන් ආශිර්වාද ලබා ගැනීමේ පුරුද්දක්ද තිබුණි.
මිට වසර කිහිපයකට පෙර වෙද මහතාට හදිසියේ ක්ලාන්තයක් ඇති වි සිහිසුන්ව යහනක් මත තබා නිවසේදි දරුවන් වෙද මහතාට ප්‍රතිකාර කරන්නට විය. සිහි මුර්ජාවෙන් සිටියදි පපුව තෙරපා සිහිය ගැනීමට විනාඩි 20 ක් පමණ නිවසේ සිටි අය උත්සාහ කර පසුව අවසානයේ පියවි සිහිය ලැබුණි. දිනක් මේ බව තම බිරිඳට පවසා තිබුණේ එදා මං පාවේලා ගිහින් ඇගට සැහැල්ලුවක් දැනුනා මම ඒ වේලාවේ දැක්කා කට්ටිය වට වේලා ප්‍රතිකාර කරනවා මම බලාගෙන හිටියා යැයිද පැවසීය.
වෙද මහතා පසුගිය රෝගි වු අවස්ථාවේ ප්‍රතිකාර කරන අතරවාරයේදි පවා කිසිදු අපහසුතාවයක් පෙන්නුම් නොකරම මෙලොව හැරදා යන්නටම ගියේ බොහෝ ආදර්ශයක් සමාජයට ලබා දෙමින්ය. පසුගිය දිනක ගම්මානයේ එක් තැන් වු ලෙඩෙකු බැලිමට ගිය වෙද මහතා පවසා ඇත්තේ අපි මේ කිසි දෙයක් අරන් යන්නේ නැහැ. එක තැන ඉන්න කොට වෙනත් දේවල් කල්පනා කරන්නේ නැතිව බණ පදයක් අහන්න එතකොට හිතට පුදුම විදිහේ සැහැල්ලුවක් ඇති කරගන්න පුළුවන් වන බවයි.
එවැනි යුග පුරුෂයන් නොමැති සමාජයේ වටපිටාවක මේ කතාව මා අවසන් කරන්නේ වෙද මහතාගේ බැලීමට පැමිණි මැදිලිය විහාරස්ථානයේ විහාරාධිපති ඉළුක්ගොඩ ඥාණාන්ද හිමියන් එදින පැවසු කරුණකින්ය. “ සාධාරාත්මක ජීවිතයක ප්‍රතිභිම්භය වෙද මහතායි ඒ වාගේම අපිස් පැවැත්ම ඒ වාගේම අල්පෙජ්ජතාවයෙන් යුක්ත ජීවිතයක ප්‍රතිභිම්බය වෙද මහතා” යනුවෙන් ප්‍රකාශ කරන ලදි. ගල්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති වලවේ රේවත හිමියන් පැවසුයේ භික්ෂුන් වහන්සේ නමක් සංවේදි වෙන්නේ කලාතුරකින් එවැනි අවස්ථාවක් හැම කෙනෙකුටම ලගා කරගන්න බැහැ වෙද මහතාගේ ගුණ යහපත් කම වර්තමානයේ බොහෝ මිනිසුන්ට ආදර්ශයක් වන බව පැවසීය.