විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවී ගිය මාස 07 තුළ සිදු කර ඇති විමර්ශශණ සහ නඩු පැවරීම් වලින් වින්ධිතයින්ට රුපියක් ලක්ෂ 1994 ක මුදලක් අය කර දීමට සමත්වී ඇත.
ගෙවී ගිය වසර තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් වන වංචනික ක්‍රියාවන් 2620 ක් පිළිබදව පැමිණිළි විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී ඇතගඑම පැමිණිළි සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන අතර තුර විදේශ සේවා කාර්යංශය විසින් වැටලීම් 05 ක්ද සිදු කර ඇත.
එම වැටලීම් වලදී විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකුට එරෙහිවද නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර ඇතගඊට අමතරව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් රැකියා නියෝජිත ආයතන 07 ක හිමිකරුවන් ඇතුළු පුද්ගලයින් 36 දෙනෙකුවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් වංචනික ක්‍රියා වල නිරත වූ පුද්ගලයින්ට එරෙහිව දිවයිනේ අධිකරණයන් කීපයම නඩු පැවරීමටද විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර ඇත. එම නඩු පැවරීම් වල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා බලාපොරොත්තුවෙන් වංචනිකයින්ට මුදල් ලබා දී අපහසුතාවයට පත්ව සිටි අයවළුන්ට රුපියල් ලක්ෂ 1994 ක මුදලක් ආපසු ලබා දීමට හැකිවී ඇත.
2024 වසර තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් පැමිණිළි 4658 ක් විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණ වලින් පසුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වින්ධිතයින්ට රුපියල් ලක්ෂ 1825 ක මුදලක් ආපසු අය දීමටද කාර්යංශය සමත්වී ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී :නීති* නීතිඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් අනුව විමර්ශණ කටයුතු සිදු කර නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සිදු කර ඇත.
ඊශ්‍රායලයලදකුණු කොරියාවලජපානයලරැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබා දෙන බව පවසමින් වංචානික කටයුතු සිදු වන බැවින් ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
ජුඩ් සමන්ත