Sri Lanka
බීඩි කොළ කිලෝ ග්‍රෑම් 388 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
2025-07-31 11:16 AM
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කැබ් රථයකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 388 ක් තම බාරයට ගෙන ඇති වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකුවද අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 30 වැනිදා වෙන්නප්පුව - වෙල්ලමංකරය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇතග බීඩි කොළ තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා පුත්තලම සහ නාත්තන්ඩිය - කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇතගඔවුන් වයස අවුරුදු 32 සහ 40 වියේ පසුවන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි. පොලිස් බාරයට ගෙන ඇති බීඩි කොළ තොගය පොලිතින් මළු 38 ක අසුරා තිබී ඇතගඉන්දියාවේ සිට ගෙනවිත් ඇති මෙම බීඩි කොළ තොගය නාරම්මල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ බව සැකකරුවන් පොලීසියට පවසා ඇත. බීඩි කොළ තොගයලඒවා ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ කැබ් රථය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට