Sri Lanka
හතරලියද්ද අනතුරෙන් දෙදෙනෙක් මිය යයි
2025-07-30 02:06 PM
හතරලියද්ද රඔුක්කන මාර්ගයෙහි 12 කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. හතරලියද්ද දෙසට ධාවනය වූ ලොරි රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (29) හවස මෙම අනතුර සිදුව ඇත. ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව පසුව යතුරුපැදියක හා කැබ් රථයක ගැටී ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ. අනතුරින් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනාද, යතුරුපැදිකරුද, කැබ් රථයේ රියදුරු සහ රිය සහායකද තුවාල ලබා හතරලියද්ද රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වයස අවුරුදු 52 හා 63 වයස්වල පසුවූ ලොරි රථයේ රියදුරු සහ යතුරුපැදිකරු මියගොස් ඇත. ලොරි රථයේ රිය සහායක දෙදෙනා සහ කැබ් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. මෘත ශරීර හතරලියද්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් හතරලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශනය සිදුකරයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට