Sri Lanka
නිවසක සිටි තරුණයන් සෙට් එකක් පොලිසිය අත්අඩංගුවට ගයි.
2025-07-30 06:36 AM
නිවසක් තුළ සැක කටයුතු ලෙස රැදී සිටි තරුණයින් 08 දෙනෙකුවලතරුණියන් තිදෙනෙකු සහ ඔවුන් රැදී සිටි නිවසේ හිමිකරුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 29 වැනිදා සවස පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාරල කොටා රෝඩ්ලසීවලීපුර ලෙස්ලි රණගල මාවතල සිරිසර උයන පදිංචිකරුවන් පිරිසක් සහ හලාවත - බංගදෙණියල ජුඩ් රොහාන් මාවත පදිංචිකරුවෙකුවයග ඔවුන් වයස අවුරුදු 16,17,18,19,20,22,23 සහ 25 වැනි වියේ පසුවන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර අයිස් මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින අයෙකු බවද හෙලිවී ඇත.
මෙම පිරිස කුමන හේතුවක් සදහා හලාවත ප්‍රදේශයට පැමිණ සිටියාද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශණ සිදු කරන බව පොලීසිය කියයි.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට