Sri Lanka
තමන් හැදුනු වැඩුණු ස්ථානයට කි.මි 72 ක් දුර පයින් ගිය පුස් සුරතලා “ටුටු ”
2025-07-29 10:16 AM
අවුරුදු දෙකහමාරක් වයසැති සුරතලයට ඇති දැඩි කර බළලෙක් කිලෝම්ටර් 72 ක දුරක නිවසට ගෙනවිත් දමා ඇති දැඩි කරද්දි එම බළලා නැවත තමන් සිටි ස්ථානයටම දින කිහිපයක් තිස්සේ ගිය පුවතක් වාර්තා විය. ඒ කතාව මෙහෙමයි.
රීදීගම පොලිස් ස්ථානයේ සිටි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ මහතාගේ නේවාසිකාගාරයට බළල් පැටවකු පැමිණ තිබු අතර එම සතාට කෑම බිම ලබා දී සුරතලයට ඇති දැඩි කර ගෙන තිබුණි. මෙම සතාට නමක් පවා දැමු අතර එම නම වන්නේ “ ටුටුය ”
කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයාට මන්නාරම අඩප්පම් පොලිස් ස්ථානයට ලද මාරුවිමක් හේතුවෙන් හිටපු නිල නිලවසෙන් පිටත්ව යෑමේදි බඩු බාහිර ආදියද සමග සුරතල් ටුටුද හෙම්මාතගම බැමිණිවත්ත පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.
ඒ අනුව පසුගිය 6 වැනිදා බැමිණිවත්ත නිවසින් ටුටු අතුරුදහන් විය. ඉන් පසුව පසුව දින 22 කට පසුව එනම් 27 වැනිදා සුරතල් ටුටු ආපසු තමන්ට හුරුපුරුදු රීදීගම පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණේ කිලෝමිටර් 72 ක පමණ දුරක් පසු කර ගෙනයි.
ඒ අනුව පොලිසියට ගිය “ ටුටු ” හදුනාගත් පොලිස් ස්ථානයේ රාජකාරි කර නිලධාරීන් ටුටුගේ පැමිණිම සම්බන්ධයෙන් හේමන්ත මහතා දැනුවත් කර තිබුණා.
කෙසේ වෙතත් අප ස්ථානාධිපතිවරයාගෙන් විමසු විට ඒ මහතා පැවසුයේ මෙය විශ්ව ජනක සිදු විමක් වු බවයි.

මාවනැල්ල සමන් විජය බණ්ඩාර

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට