Sri Lanka
මෙරට මුහුදු සීමාවේ මසුන් මැරු ඉන්දියන් ධීවරයන් නාවික හමුදාව විසින් අත්අංඩගුවට
2025-07-29 07:36 AM
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 09 දෙනෙකුව කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 28 වැනිදා සවස කල්පිටිය - කාරතිව් මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් වයස අවුරුදු 40 - 42 වියේ පසුවන බවත්ලතමන් තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවන් බව ඔවුන් පැවසූ බවද වැටලීම කළ නිලධාරීන් සදහන් කරයිගඑම ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණි බව කියන යාත්‍රාවක් සහ ධීවර ආම්පන්නද නාවුක හමුදා නිලධාරීන් විසින් තම බාරයට ගෙන ගෙන ඇත. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 28 වැනිදා සවස වෛද්‍ය පරීක්ෂණයක් සදහා කල්පිටිය දිසා වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇතගසැකකාර ඉන්දීය ධීවරයින් 09 දෙනා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බාර දීමට නියමිතව ඇත.
ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට