Sri Lanka
ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්
2025-07-28 11:03 PM
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ රෝහල අසල පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක අද (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.

කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ පොලීසිය වෙත පවසා ඇත්තේ අද පස්වරු 07ට පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාව දෙසින් එක්වරම ගින්නක් හට ගත් බවය.

ගින්න පැතිරීම සමග ඒ අසල තිබූ ගම්පොළශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසවලටද එම ගින්න පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් වෛද්‍ය නිවාස දෙකක්ද ගින්නෙන් විනාශ වී තිබේ.ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට පිටත් කළ බව මහනුවර ගිනි නිවීමේ ඒකකට පැවසීය.

ඒ සමගම ගම්පොළ නගර සභාව හා යුද හමුදා වතුර බවුසර් පැමිණ ඇති අතර ඔවුන් ගින්න නිවීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බවද වාර්තා වේ.

මේ අතර වෛද්‍ය නිල නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා එහි වහළය හා බිත්ති ගැලවීමටද මේ වන විට කටයුතු කර තිබේ.

මහනුවර ගිනි නිවීමේ ඒකකය, යුද හමුදාව, ගම්පොළ නගර සභාව, ගම්පොළ පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීම සඳහා උත්සාය ගනිමින් සිටින බවද මේ වන විට වාර්තා වේ.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට