Sri Lanka
බිත්තර මිල යලිත් ඉහළට රතු බිත්තර 31 යි සුදු බිත්තර 29 යි
66 | 2025-07-28 03:20 PM
බිත්තර මිළ මේ සතියේ රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ 27 පැවති මිල තීරණය කළ කමිටුවේදී පියවරගෙන ඇතැයි සභාපති සරත් රත්නායක මහතා පවසයි. ඒ අනුව රුපියල් 24කට තිබූ සුදු බිත්තරයක ගොවිපල මිල රුපියල් 26ක් ලෙසත් රතු බිත්තරයක ගොවිපල මිල රුපියල් 28ක් ලෙසත් එහිදී ප‍්‍රකාශයට පත් කළේය. බිත්තර තොග මිල ලෙසින් නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබුණේ සුදු හා රතු ලෙසින් රුපියල් 29 හා 31 මිලටයි. ගොවීන් ඉතාම පීඩනයට ලක් කරමින් බිත්තර මිල මාසයකට වැඩි කාලයක් ඉතාම පහතට එමින් තිබෙන අතරතුර ගොවිපලවල සිටි වයස්ගත සතුන් ඉවත් කිරීම නිසා බිත්තර අතිරික්තය සමනය වෙමින් ඉල්ලූමක් සෑදුන බවත් සියලූම ගොවි මහතුන් එකාවන්ව එක තීරණයක සිට දැක්වූ සහයෝගය මෙන්ම සංගමය විසින් නියම කළ රුපියල් 26න් පහත කිසිම ගොවිමහතෙකු විසින් වෙළදුන්ට ලබා නොදුනහොත් තවත් පියවරක් ඉදිරියට යාහැකි බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති වරයා එහිදී මාධ්‍යට බිත්තර මිල සදහන් කරමින් කරුණු දැක්වීය. මෙහිදී බිත්තරය ඉතා ඉක්මණින් නරක්වන භාණ්ඩයක් නිසා කුඩාල මධ්‍ය හා මහා පරිමාණ ලෙසින් බෙදීමකින් තොරවම කඩිනමින් අලෙවි කර පාරිභෝගික ජනතාවට පිරිසිදු බිත්තරයක් දීම සම්බන්ධයෙන්ද සලකා මෙම මිල තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීයග එ් අනුව ඉදිරියේදී නිෂ්පාදන වියදම රුපියල් 31ක් 32ක් දක්වා මිල පවත්වාගෙන රුපියල් 35ට 37ට පාරිභෝගිකයින්ටත් සාධාරණ ලෙසින් බිත්තරයක් කන්න පුලූවන් ආකාරයෙන් මිල පවත්වාගතයුතු බවත් සභාපතිවරයා එහිදී තවදුරටත් පැවසීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර