වාහන 2650කින් පිට කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායුව කඩෝලාන හෙක්ටයාර් 01ක ප්‍රජාවට ග්‍රහනය කර ගැනීමට හැකියාව ඇති බවත්, පරිසර පද්ධතිය රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙන කඩෝලාන ප්‍රජාව ආරක්ෂා කර ගැනිම සෑම කෙනෙකුගේම පරම යුතුකමක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පැවසීය.
ජූලි මස 26 වෙනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කඩෝලාන දිනය වෙනුවෙන් ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව සහ පුත්තලම - කරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවවලට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ සිටියේය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන 08ක “කඩෝලාන රක්ෂිත” ලෙස නම් කරමින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සදහා අත්සන් කිරීමටද ඇමතිවරයා විසින් මෙහි දී කටයුතු සිදු තිබේ. එමෙන්ම රජය විසින් ක්‍රියාත්මක කර ඇති “වනස්පති” ජාතික වැඩ සටහනට සමගාමීව “කඩෝලාන දළු ලන්න ඉඩ දෙන්න” තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ද මෙසේ පැවසීය.
දිවයින පුරා වන වැස්මෙන් 0.2%ක ප්‍රමාණයක් හෙවත් හෙක්ටයාර් 15,000ත් 21,000ත් අතර භූමි ප්‍රමාණයක කඩෝලාන ප්‍රජාව ඇති බවත්ල ඉන් ¼ක කඩෝලාන භූමියක් අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කය යි. .
ලෝකයේ ඇති කඩෝලාන විශේෂ වලින් 21ක් අප රට තුළ දක්නට තිබේ. ඉන් කඩෝලාන විශේෂ 11ක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ දී හමුවී තිබීම ඉතාමත් ම විශේෂයි. එම නිසා කඩෝලාන ප්‍රජාව සහ පුත්තලම දිස්ත්‍රික්කය අතර විශේෂ බැදියාවක් තිබේ.
කඩෝලාන හෙක්ටයාර් 01කට කාබන්ඩයොක්සයිඩ් වාතය මෙට්‍රික් ටොන් 3754ක් ග්‍රහනය කර ගබඩා කර ගත හැකිය. ඒ අනුව වාහන 2650කින් පිටකරණ කාබන්ඩයොක්සයිඩ් වාතය කඩෝලාන හෙක්ටයාර් 01කට ගබඩා කර තබා ගත හැකිය. එපමණක් නොවේි සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය, ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ද කඩෝලාන ප්‍රජාව සිදු කරන්නේ විශාල සේවාවකි. එම නිසා අප රජයක් ලෙස කඩෝලාන ව්‍යාප්ත කිරීමට මෙන් ම ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු ය.<
රජය විසින් ක්‍රියාත්මක කර ඇති වනස්පති වැඩ සටහනට සමගාමීව මේ වන විට රක්ෂිත 29ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. හෙක්ටයාර් 5000කට ආසන්න භූමි ප්‍රමාණයක් එම රක්ෂිතයන්ට අයත් වේ.
එමෙන් ම එම අවස්ථාවේ දී ආරච්චිකට්ටුව - මුතුපන්තිය කනිටු විද්‍යාලයට සහ හැළඹවටවන මහා විද්‍යාලය සඳහා අවශ්‍ය පොත් කට්ටල බෙදාදීමක්ද ඇමතිවරයා විසින් සිදු කර තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, පුත්තලම දිසා ලේකම් සුනන්ද හේරත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රදේශවාසීන් සහ පාසල් සිසු සිසුවියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
ජුඩ් සමන්ත