Sri Lanka
වැරදි ලේ වාර්තාව ගිය දුර
306 | 2025-07-28 04:12 PM
රසායනාගාරයේ වැරදි ලේ වාර්තාව බය වුනු හෙම්මාතගම රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් කිලෝමිටර් 14 ක දුර ගෙවා මාවනැල්ල රෝහලට ඇතුලත් කර පසු පෙර ලබා ගත් ලේ වාර්තාව වැරදි බව රෝහලින් ගත් වෛද්‍ය වාර්තාවෙන් සොයා ගෙන තිබුණි.
මෙම සිදු විමට මුහුණ පා ඇත්තේ ඓතිහාසික මැදිලිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිටපු පාසල් විදුහල්පතිවහන්සේ නමක් වන ඉලුක්ගොඩ ඥානාන්ද හිමිපාණන් වහන්සේය.
මිට දින දෙකකට කලින් උන්වහන්සේ නගරයට පැමිණ ඇත්තේ පාදයේ තැල්මකට සිංහල බෙහෙත් සිය පාදයට බැද ගැනීම වෙනුවෙන් නගරයේ ඇති ආර්වේද මධයස්ථානයක් වෙතටයි. පාදයේ බෙහෙත් බදින අවස්ථාවේ උන්වහන්සේට එක විට දහඩිය දමා ශරිරයේ වෙනස්කමක් ඇති වි ඇත. එහිදි එම ස්ථානයෙන් ජලය විදුරුවක්ද පානය කිරීමට ලබා දි ඇති අතර එයින් නැවත යථා තත්වයට පත් වි ඇත.
නමුත් ඇති වු තත්වය පිළිබඳව පරීක්ෂා කර බැලිමට නගරයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට එදින පැමිණ එහි වෛද්‍යවරයාට එය පැවසු පසුව බෙහෙත් දීම ප්‍රතික්ෂ කර වෛද්‍යවරයා ස්වාමීන් වහන්සේට රෝහල් ගත වෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව හෙම්මාතගම පර්යන්ත රෝහලට ගොස් ෑක්‍ඨ පරීක්ෂණ දෙකක් කර ඇති අතර එහිදි එම වාර්තා වලින් රෝගි තත්වයක් නොපෙන්වා ඇති අතර ලේ පරීක්ෂාවක් කර යුතු බව වෛද්‍යවරයා ප්‍රකාශ කර අතර එය රෝහලේදි සිදු කර නොහැකි නිසා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතින් කර යුතු බව පැවසීම නිසා. හෙම්මාතගම ප්‍රදේශයේ පෞද්ලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් එය සිදු කර ඇත.
එම වාර්තා එන තෙක් රෝහලෙන් නොයෙන ලෙස ස්වාමින් වහන්සේට උපදෙස් ලබා දී තිබුණි. පසුව එම වාර්තාවද සැලකිය යුතු කාලයකදි රෝහල වෙත ලැබි තිබුණි. එම වාර්තාවට අනුව ස්වාමින් වහන්සේට වෛද්‍යවරු පැවසුයේ අවදානම් තත්වයකි. හෘදයබාධයක් ඇති විමට ඉඩ කඩක් පවතින බවක්ද අනතුරු ඇගවිය. ඊට හේතු වුයේ පෞද්ගලික රසායනාගාරයෙන් ගෙනා ලේ වාර්තාව
තත්වයේ පසු විමයි.
පසුව රෝහලේ ඇද මත සිටි ස්වාමින් වහන්සේට සෙලවෙන්නවත් එපායැයි වෛද්‍ය උපදෙස් ලැබුණි. සිව් දෙනෙක් මගින් හෙම්මාතගම රෝහලේ ගිලන් රථය වෙත ගෙනවිත් එහි දමා මාවනැල්ල මහ රෝහල වෙත උන්වහන්සේ කඩිමුඩියේ ගෙනවිත් ගොස් පරීක්ෂණ ආරම්භ කරන්නට විය.
රාත්‍රී 9 පමණ වන තෙක් පරීක්ෂණ කොට නැවත ලේ සාම්පලයක් රැගෙන කරන ලද පරීක්ෂණයකදි සොයා ගැනීමට හැකි වුයේ එය තත්වයක් වන බවයි. ඒ අනුව එහිදි සොයා ගනු ලැබුයේ මුලින් ලබා ගෙන ඇති ලේ වාර්තාව වැරදි එකක් වන බවයි.

කෙසේ වෙතත් හෙම්මාතගම නගරයේ ලේ පරීක්ෂණ ස්ථාන වලින් ලබා ගත් ලේ පරීක්ෂාවන් කිහිපයක්ම මීට පෙරද වැරදි බවට වෙනත් ස්ථාන වලින් සමහර අය හදුනාගෙන තිබු නමුත් එය සිදු කරන්නට නොහැකි දුප්පත් සහ ඒ පිළිබඳව නොදන්නා අය සමහර රෝග තත්වයන් ඇති බව හදුනාගෙන බෙහෙත් ලබා ගන්නවා වන්නටද පුළුවන.
තවද මිට සති කිහිපයකට කලින් තරුණයන් කිහිප දෙනෙකුට දිය වැඩියා රෝගි තත්වය ඇති බව පරීක්ෂණ වලින් හදුනාගෙන තිබුණු නමුත් පසුව වෙනත් ස්ථානයකින් කර පරීක්ෂණයකින් එය වැරදි වාර්තාවක් බවට හදුනාගෙන තිබු නමුත් ඒ වන විටත් දියවැඩියා රෝගි තත්වයට බෙහෙත් පානය කර තිබුණි.
කෙසේ වෙතත් ස්වාමින් වහන්සේ මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ.
මාගේ ලේ එක පොසිටිව් වුන නිසා. මම හදවත් රෝගියෙක් බවට පත් වෙන්න මේ ලේ එකෙන් අනුමාන කරලා වැඩිදුර ප්‍රතිකාර කරන්න යෙදුනා. මම මාසයකට වතාවක් වෛද්‍ය පරීක්ෂණ සිදු කරනවා. ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තා වලත් තියෙනවා මට දැනට එහෙම කිසිම හදවත් රෝගී තත්වයක් නැහැ කියලා. මම කියන්නේ මිනිස්සු මුලා කරන මිනිස්සු අමාරුවේ වැටෙන මම හාර්ට් රෝගී කෙනෙක් නොවුනත් මම හාර්ඩ් රෝගීයෙක් බවට පත් වෙනවා මේ වාගේ වැඩ වලින්. මනස දුර්වල කෙනෙක් නම් කොතනින් කෙළවර වෙයිද මන්දා. මේ වාගේ බොරු වාර්තා දෙන වෛද්‍ය මධ්‍යස්ථාන හෙම්මාතගම විතරක් නොවෙයි හැම තැනම තියනවා ඒ නිසා ඒ ගැන සොයා බලා විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිනවා.
සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර