Sri Lanka
වෙන්නප්පුව වෙල්ලමංකරය ධීවර වරාය අලුත් වැඩියාවට රජය තිරණය කරයි.
170 | 2025-07-28 10:43 AM
වෙන්නප්පුව - වෙල්ලමංකරය ධීවර වරාය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැවසීය.
වෙල්ලමංකරය ධීවර වරායේ නීරීක්ෂණ කටයුතු සදහා පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.
වෙල්ලමංකරය ධීවර වරාය සංවර්ධන කමිටුවේ සභාපති රුවන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.
වෙල්ලමංකරය ධීවර වරායේ ඉදිකිරීම් 2018 වසරේ දී ආරම්භ කල බවත්ල 2022 වසරේ දී වරාය විවෘත කල බවත්ල එවකට පැවති මුල්‍ය අර්බුධය හේතුවෙන් වරාය තුළ එක් ජැටියක් පමණක් ඉදිකරන්නට රජය තීරණය කල බවත් සඳහන් කරන ලදි. අප ඊට විරුද්ධ නොවුනේ වරායක අවශ්‍යතාවය තදින්ම දැනි තිබුණු නිසාවෙනි. මීට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා ගාල් කලේ මීගමුව, දික්ඕවිට, ත්‍රිකුණාමලය වැනි ධීවර වරායන් තුළ ය. එම නිසා පහසුකම් ඇති ධීවර වරායක අවශ්‍යතාවය අපට විශාල වශයෙන් දැනි තිබුණී.
වෙල්ලමංකරය ධීවර වරාය තුළ එක් වරකට බහු දින යාත්‍රා 400ක් පමණ ගාල් කරන්න හැකිය. නමුත් වරායට ඇතුළු කරන යාත්‍රා බැඳ තබන්න තියෙන්නේ එක ජැටියක් පමණයි. මේ නිසා අපිට සිදු වෙලා තියනවා යාත්‍රා එකිනෙක රැහැන්වලින් ගැට ගසා තබන්න. සුළං කාලයේ දී එසේ ගැට ගසා තබන යාත්‍රා එකිනෙක ගැටීමෙන් හානි සිදු වේ. ඊට විසදුමක් ලෙස කළ යුතු වන්නේ වරාය තුළ තවත් ජැටි කීපයක් ස්ථාපනය කිරීමයි.
අපි මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් දැනුවත් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන අධිකාරියේත්, රජයේ නිලධාරීන්ගෙත් පැමිණිමෙන් මේ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. අප විශ්වාස කරනවා ඉදිරියේ දී මෙම වරාය තුළ ජැටි කීපයක් ස්ථාපනය කර ගැනීමට හැකි වේවි කියා.
මෙහි දී අදහස් දැක්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා මෙසේ පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ කල්පිටිය, හලාවත සහ වෙල්ලමංකරයේ ධීවර වරායන් තුනක් තිබේ. ඉන් විශාලත ම වැඩි පහසුකම් සහිත වරාය වෙල්ලමංකරය ධීවර වරායයි. මෙම ධීවර වරාය තුළ එක් ජැටියක් පමණක් තිබේ. එම ජැටිය ප්‍රමාණවත් නොවන බව බහු දින යාත්‍රා හිමියන් පෙන්වා දී තිබෙනවා. මෙම වරාය තුළ තවත් ජැටි 03 ක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු ඉංජිනේරුවරුන් මේ වන විට සකස් කර තිබේ. ඉදිරි අය - වැය යෝජනාවන් සදහා වරායේ ජැටි සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න මම අදහස් කර තිබෙනවා. ඒ අනුව අපිට ඉදිරි වසර තුළ මෙම ජැටි ස්ථාපනය කර අවසන් කරන්න හැකියාව ලැබේවි කියා මම විශ්වාස කරනවා.
ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද,බහු දින යාත්‍රා හිමියන් ද මෙම අවස්ථාවට සහභාගි විය. ජුඩ් සමන්ත </div>

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර