මේ වන විට ලංකාවේ බොහෝ නගර වල බස් නැවතුම් නවීකරණය කර සංවර්ධනය කර ඇති අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මාවනැල්ල බස් නැවතුම 1944 සිට මේ දක්වාම සැලකිය යුතු මට්ටමේ සංවර්ධනය නොවු බව ජනතාව පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ඇති අපිරිසිදුම නගර වලින් එකක් මාවනැල්ල නගරය වන බවයි. ගම්මානය සියටකට වැඩි ගණනකින් බස් රථ මාවනැල්ල නගරයට පැමිණෙන අතර දුර ගමන් බස් රථ විශාල ප්‍රමාණයකින් ජනතාව මාවනැල්ල නගරයට පිවිසියත් බසයෙන් බැස ගන්නටත් නොහැකි මට්ටමේ කුණු ජලය පිරිණු වලවල් රැසක් නිසා ඔවුන් පිඩා විදිති. පදික මං තීරු වල කොන්ක්‍රීඩ් ලැලී කැඩි ගොසින්ය. ජලය බැස යෑමට නිසි ක්‍රමවේදයක්ද එහි නැත.
වැසි දින වල එම තත්වය වැඩි වි ඇති අතර මගීන්ට ඉන්නට ක්‍රමානුකූලව ඉදි කරන ලද බස් නැවතුමක්ද එහි නැති බව ඔවුන් පවසයි. එමෙන්ම නගරයට පැමිණෙන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතුද එහි නැත. අපිරිසිදුව ඇති වැසිකිලියක් ඇත්තේද නගරයේ සිට විශාල දුරකිනි. එය සොයා ගැනීමටවත් නොහැකි තැනක පිහිටා ඇත. එම වැසිකිලියද අපායක් වැනිය.
එමෙන්ම මාවනැල්ල නරගයේ සියලු අප ජලය බැස ගොස් එකතු වෙන්නේද මාවනැල්ලෙන් ගලාගෙන යන මා ඔය වෙතයි. කිසිදු පහසුකමක් නැති ලංකාවේ මාසිකව වැඩිම ආදායම් උපයන ප්‍රාදේශිය සභාව අතරේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මාවනැල්ල ප්‍රාදේශිය සභාවක්ද තිබියදි මෙන්ම ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල මැති අමැතිවරුන් සිටි නගරයක් මෙලෙස සංවර්ධනයේ පහලම තැන සිටිම කණගාටුවට කරුණකි.
එමෙන්ම නගරයේ මත්ද්‍රව්‍ය වලට ඇබැහි වු පාසල් දරුවන් මෙන්ම කුඩු කාරයන් සිටින බවත් ඒ සඳහා පොලිසිය හෝ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්ව මන්දගාමිව සිදු වෙන බවත් ජනතාව මැසිවිලි නගයි. මත්ද්‍රව්‍ය වලට ඇබැහි වුවන් නිසා නගරයේ කප්පම් කල්ලි මෙන්ම අවට ඇති ප්‍රධාන පාසල් ගණනාවකම පාසල් දරුවන් විශාල පිරිසක් ද මත්ද්‍රව්‍ය වලට ඇබැහි වි ඇති බවත් ගැහුණු දරුවෙකුට නගරයේ බස් රථයක්වත් පැමිණෙන තෙක් සිටිමට තරම් සුදුසු පරිසරයක් නොමැති බව ජනතාව වේදනාවෙන් පැවසු අතර ජනාධිපතිතුමන්ගේ නිරික්ෂණ චාරිකාවතට පැමිණ සියසින් දැක බලා ගැනිමට වටින නගරයක් වන බවටද ඔවුන් කියයි.
දිනපතා ලක්ෂයකට වඩා වැඩි ජනතාවක් මාවනැල්ල නගරයට වෙත විවිධ අවස්ථා වෙනුවෙන් පැමිණෙන අතර මාවනැල්ල නගරය සහ බස්නැවතුම පිහිටා ඇත්තේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට යාබදයයි. දෛනිකව ලංගම සහ පෞද්ගලික මගී බස් රථ විශාල ප්‍රමාණයක් විවිධ නගයන් වලට මෙන්ම විවිධ ප්‍රදේශ වලට ගමනාන්තයේ යෙදෙන්නේද මෙම බස් නැවතුමේ සිටයි. එමෙන්ම රජයේ ප්‍රධාන රෝහල ඇතුලු වාණිජ බැංකු සහ රජයේ ආයතන රැසක්ද මේ නගරය කෙන්ද්‍ර කොට ගෙන පිහිටා ඇත.
මෙම නගරයේ මගී පර්යන්තයන් නොමැති අතර මගීන්ට අව්ව වැස්සට සිටින්නට කිසිදු මගී ආවරණයක් නොමැති අතර තිබෙන දිරා ගිය ගැලවි ගිය ටකරන් ද සුළං අවස්ථාවලදි සුළගේ ගොසින් කිහිප දෙනෙක්ම තුවාල ලැබු අවස්ථාවන්ද වාර්තා වි ඇති අතර ගැටවි ගිය පැත්තක් සුළගේ ගිය ටකරන් එහි ඇත. එමෙන්ම මෙම අපිරිසිදු නගරයේ ජංගම වෙළෙඳ කුටිද ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත නොවන ලෙසින් ආහාර අලෙවියේ නියලි සිටි.
දිවයින පුරා අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කලත් මාවනැල්ල පොලිසියෙන් සිදු කරන වැටලිම් මෙන්ම නගරයේ මත්උවදුර නැති කිරිමට ලැබෙන පිටුවහල අවම මට්ටමක පවතින බව ජනතාව පවසයි. නගරයේ ප්‍රධාන පෙළේ බෙහෙත් ලබා දෙන බටහිර ඔසු සැල් කිහිපයක් මගින් පාසල් දරුවන්ට විෂ මත් පෙතිලබා දෙන බවද නරගයේ ජනතාව එහි ගිය අප සමග පැවසිය. එමෙන්ම නගරයට එන ජනතාවට වැසිකිලියක් නොමැති බවත් ගැහැණු දරුවෙකුටවත් නගරයේ රැදි සිටිමට නොහැකි අනාරක්ෂිත තත්වයක් ද මෙහි ඇත.
මාවනැල්ල නාංකූරුගම අබේරත්න මහතා.
දැන් අවුරුදු 50 කටත් වැඩි කාලයක් තිස්සේ මම මේ නගරයට එනවා යනවා විවිධ කටයුතු වෙනුවෙන් නමුත් මේ නගරයේ මේ දක්වාම කිසිම සංවර්ධනයක් වේලා නැහැ. මේ නගරය සංවර්ධනය කරන්න මොන සැලසුම් හැදුවොත් සංවර්ධනය වෙන්නේ නැහැ මටනම් හිතෙනවා ඒකට විවිධ දේශපාලන අරමුණුත් ඇති කියලා. මහ ජනතාව වශයෙන් පාලකයන්නට කියන්න ඔනෑ මේක ජනතාවට සුදුසු අකාරයට සංවර්ධනය කරලා දෙන්න කියලා ඒ වාගේම නගරයේ ඇතුලත තිබෙන පොදු වැසිකිලිය වහලා මේ නිසා විශාල පිරිසක් පිඩාවට පත් වෙනවා.
මෛත්‍රී මහතා මාලියද්ද.
පාසල් දරුවෝ උදේට සහ හවස ඉන්න වේලාවක කි දාහක් ඉන්නවාද ? ඔය එක දරුවෙකුට හරි ඔය ඉන්න මනුෂයෙකුට අව්වට වේලෙන්නේ නැතිව වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න තැනක් තියනවාද ? නැහැ.
කොළඹ නුවර පාරේ එන කොට අපිට හමු වන ප්‍රධාන නගරයක් තමයි මාවනැල්ල නගරය කියලා කියන්නේ ඒ වාගේ කෑගල්ල දිස්ත්‍රීක්කය ගත්තත් ප්‍රධාන නගරයක් ලෙස මාවනැල්ල නගරය සලකන්න පුළුවන්. ලංකාවේ වැඩිම ආදායම් ලබන ප්‍රාදේශිය සභා 5 අතර මාවනැල්ල ප්‍රාදේශිය සභාව සිටිනවා. ඒ වාගේම මැති ඇමැතිවරු කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශාල පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කලා ඒ වුනත් මාවනැල්ල නගරය හදන එක ජන්දය කාලයට පමණක් සිමා වුනු ජන්දය ලබා ගන්නා ලස්සන වචනයක් විතරයි. ඔවුන් කිසිම අවදානයක් යොමු කලේ නැහැ මේ මාවනැල්ල නගරය හදන්න. ලංකාවේ තිබෙන අපිරිසිදුම නගර අතරින් මං නම් හිතන්නේ අංක එකට තිබෙන්නේ මාවනැල්ල කියලායි.
මම දන්න කාලයේ ඉදන් මාවනැල්ල නගරයේ දැනෙන සංවර්ධනයක් කිසිම බලධාරියෙක් හෝ රජයක් කරලා නැහැ. මෙ අවට තිබෙන කඩ ටික හරියට කුඩාරම් වාගේ ඒ වාගේම වැසි දින වල මේ නගරයේ කඩ සාප්පු යට වේලා ජනතාව නගරයට ඇවිත් හරියට අසරණ වෙනවා. මම අහන්නේ මේ නගරය ලස්සන නගරයක් බවට පත් කරන්න බැයිද ? අපේ දේශපාලඥයෙකුට ඒ වෙනුවෙන් පෙරට එන්න බැරි ඇයි. ලංකාවේ බොහෝ නගර සංවර්ධන වේලා තිබෙනවා මේ නගරය විතරයි මේ විදිහට වුනේ.
එම්.පී. රෝහණි පත්මලතා වෙළෙද ව්‍යාපාරිකයෙක්.
ගරු ජනාධිපතිතුමාට මම කියන්නේ මේ නගරය හදලා දෙන්න කියලා හරියට වැසිකිලියක්වත් නැහැ කාන්තාවන් දැඩි අපහසුතාවයකට ලක් වෙනවා තිබෙන වැසිකිලියත් වහලා තව එකක් තියෙනවා එකට ත්‍රීවිල් එකක් හයර් කර ගෙන තමයි යන්න වේලා තියෙන්නේ.
හෙම්මාතගම සමන් විජය බණ්ඩාර